
(ආරියරත්න රණබාහු)
අඳුරුභාවය අතීතයට බාරදී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කළ හැකි යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ දී පැවසීය.
ඇස් පෙනෙන කන් ඇසෙන නිවැරදි චලනයන් සිදු කරන පිරිසක් මේ රට දීර්ඝ කාලයක් පාලනය කළ බව පැවසූ ඒ මහතා එහි අනිටු ඵල විපාක සමස්ත සමාජයම වෙලා ගෙන ඇතැයි ද පැවසීය.
මේ රට විශාල කඩා වැටීමකට ලක් වී වැඩිම වින්දිතයන් බවට පත්ව තිබෙන්නේ ආබාධිතයන් .එහෙත් ඒ කිසිවකු ඒ පිළිබඳව මෙහිදී චෝදනා කළේ නැහැ.
විවිධ ක්ෂේත්‍රවල ආබාධයන්ට ලක්වූවන් තමන්ට බලපා ඇති තත්ත්වයන් විවිධ ආකාරයෙන් මෙහිදී ඉදිරිපත් කළ පැවසූ දිසානායක මහතා ඔවුන් ඉදිරිපත් කළ විවිධ රංගනයන් දකින විට නිතැතින් සිහිවන්නේ අප කෙතරම් අකාරුණික සමාජයක කෙතරම් අයුක්ති සහගත වටපිටාවක සිටින්නේද යන්න යයි.
ජාතික ජන බලවේගයේ නායකයා මෙම අදහස් පළ කළේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව එම පක්ෂයේ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල එළිදැක්වීම සඳහා කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ උත්සවයේදීය.


COMMENTS
යුද්ධය නිසා අදුරට වෙලා ඔබ ඉදිරියේ සිටින සියලු දෙනාම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට 1971 ,1988 හා 89 වර්ෂවල ජනතා විමුක්ති කියාගත් පෙරමුණ විසින් අදුරු කල අතීතය නිසා පීඩාවට පත්වෙලා සිටින පවුල්වල අය ගැන මොකද කරන්නෙ පැහැදිලි කරන්න බ්‍රෝ
1971 සිට මේ දක්වා රටට උදා වූ සෑම උදෑසනක්ම අඳුරු කළ අමනුස්ස රැල වෙස් බැඳගෙන ඇවිත් රඟන මේ රඟිල්ල ඊයේ පෙරේදා ඉපදුණු අයට හැර මෙරට බහුතරයකට නම් අමුතු දෙයක් නොවේ.
කතා නම් හරි ම සුන්දරයි. රටක් පාලනය කරනවා කියන්නේ සාහිත්‍ය රචනාවක් නෙවෙයිනේ... ඒකයි ප්රශ්නය...!
ගෙවල් ඉස්සරහට ඇවිල්ල දරුවන් ඉදිරිපිට පියවරුන්ව ඝාතනය කරපු කර්මය මොන උදාසනකින්වත් ඉවර වෙන්නේ නැහැ .
කයියනායකලා හදපු රටවල් ලෝකේ කොහේවත් නැහැ...!
ඔයාට ඒක අමතක වුනාට ගෙවල් වල රෑට පහන් පත්තු කරන්න එපා කිව්ව කාලේ අපිට හොඳට මතකයි...!