කුඩු රොෂාන්ගේ ඇප ලිහිල් කරයි වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයාට පැනවූ දැඩි ඇප කොන්දේසිවල මුදල් ඇපය ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(06) නියෝග කළේය. 06 March 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 165 ක් රැස්කරයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් රැස්කළේය. 06 March 2024
හොර සීල් හදාගෙන බෙහෙත් හොරට විකුණලා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රා වලට සමාන නිල මුද්‍රා ව්‍යාජ ලෙස සාදා එම නිල මුද්‍රා භාවිතා කර ඖෂධ අලෙවිසල් වලින් අධි වේදනා නාශක මිලදීගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලිසිය කියයි. 06 March 2024
රටවල් හයක තානාපතිවරු අනුර කුමාර හමුවෙති රටවල් හයක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි. 06 March 2024
මුදල් අමාත්‍යාංශය මුදානොගත් කලාපයක් වෙලා මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වාහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (6) පැවසීය. 06 March 2024
අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පෙරේදා දින(05) ක්‍රියාත්මක කළ උද්ඝෝෂණයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී කලාකාරී ලෙස හැසුරුනේ යැයි අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06) නියෝග කළේය. 06 March 2024
‘පොඩි මැණිකේ’ සිද්ධියේ තුනක වැඩ තහනම ඉවතට ‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ නියාමකයා වාහාම සේවයේ පිහිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 March 2024
බංග්ලාදේශය පන්දු යැවීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක නජුමුල් හොසේන් ශන්ටෝ පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 06 March 2024
කල්පිටිය හිටපු ස්ථානාධිපති රිමාන්ඩ් කල්පිටිය පොලිස් ස්ථානාධිපති සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය අද (06) නියෝග කලේය . 06 March 2024
’’හරක් කාටා’’ තවදුරටත් රඳවා ගන්න සී.අයි.ඩියට අවසර නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කාටා තවත් දින 5 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (06) දැනුම් දුන්නේය. 06 March 2024
විපක්ෂයට කාලය වෙන් කරන්නේ ගොඩහේවා විපක්ෂයේ කාලය වෙන් කරන්නේ නාලක ගොඩහේවා බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2024
අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකට බොරැල්ල මංසන්ධියේ පොලිසිය ජල ප්‍රහාර එල්ල කළ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 06 March 2024
රනිල් විකල්පය නොවේ ජනතාවට ඇති එකම විකල්පය රනිල් ප්රමුඛ ආණ්ඩුව නොවේ යැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 06 March 2024
බාල බෙහෙත් ගැන ’’සමන්’’ වමාරයි බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක නමැත්තා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ රහස් පාපොච්චාරණයක් අද (06) කළේය. 06 March 2024
හමුදාපතිට - නිලධාරින්ට අපහාස කළ වෙබ් අඩවි හිමිකරු රිමාන්ඩ් වෙබ් අඩවියක් පවත්වා ගෙන යමින් යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන් අපහාස වන අයුරින් පුවත් පළකරමින් ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළේ යැයි චෝදනා මත අත් අඩංගුවට ගත් ගලකන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක නැමැති සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය. 06 March 2024
නාවලපිටියේ සිද්ධියට දුම්රියේ තවත් තුනකගේ වැඩ තහනම් ‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තවත් නිලධාරීන් තිදෙනකුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 06 March 2024
රත්නපුර මහාධිකරණය අසලදී ඇසිඩ් ප්‍රහාරයක් :5ක් රෝහලේ රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන ඒල්ල වු ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රත්නපුර මූලස්ථාන පොලීසිය පවසයි. 06 March 2024
පැමිණිල්ලක් දාන්න සමන්තභද්‍ර හිමි පොලිස් මුලස්ථානයට උමංදාව මහා විහාරයේ නිර්මාතෘ සිරි සමන්ත භද්‍ර හිමි හට රූපවාහිනී වැඩ සටහනක් ඔස්සේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරිමට සමන්තභද්‍ර හිමියන් අද (06) පොලිස් මුලස්ථානයට පැමිණ තිබේ 06 March 2024
’’ඩුබ්ලිකේට් විහාර මහා දේවිය’’ ලක්ෂ තිහක් වංචා කරලා ලක් අම්මට අමාරුයි කියමින් කඳුළු සැලූ ’’ඩුබ්ලිකේට් විහාර මහා දේවිය’’ රුපියල් ලක්ෂ තිහක් වංචා කිරීමේ සිද්ධියෙන් ඔවුන්ගේ ඇත්ත හෙළිදරව් වන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2024
විදුලි රැහැනේ පැටලී ගොවියා මරුට වලස්මුල්ල රාජපුරගොඩ ප්‍රදේශයේදී අද (6) උදෑසන විදුලි සැරවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි . 06 March 2024
දමිතා යුවල 20 වැනිදා යළි අධිකරණයට කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල ලබන මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියම කළේය. 06 March 2024
ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන පහෙන්ම ලාභ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අළෙවි කරන ඉන්ධන වර්ග පහෙන්ම ලාභ ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා පවසයි. 06 March 2024
ව්‍යාපාර 1500ක් වෙන්දේසි කරලා මේ වන විට ව්‍යාපාරික ස්ථාන 1500 ක් වෙන්දේසි කර තිබෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2024
මහ බැංකු වැටුප ගැන මුදල් සභා වාර්තාව අනුව තීරණයක් ගන්නවා මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම ගැන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව දෙන වාර්තාව අනුව තීරණ ගන්න ආණ්ඩුව සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 March 2024
අලිසබ්රිට මසකට පාර්ලිමේන්තු තහනම් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රුපියල් කෝටි හතකට වැඩි වටිනා රත්රන් සහ ස්මාට් ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද සම්මතවිය. 06 March 2024
රෝනීගෙ ගෙදරට හොරු පනී හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර, 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 06 March 2024
තැඹිලි වවන්න ගම් 86ක් වෙන් කරයි ගම්මාන 86ක් තෝරාගෙන තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 06 March 2024
ලංකාවේ පාලකයන් පත්කිරීමේදී කාන්තාවන්ට වැඩි බලයක් තියෙනවා ශ්‍රී ලංකාවේ ඡන්දදායකයයන්ගෙන් සියයට 56 ක් වන කාන්තාවන් මෙරට පාලකයන් පත්කිරීමේ තීරණාත්මක සාධක බවත් එම සුවිශේෂි තීරණයේදී කාන්තාවන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිව ඇති බවත් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් වන පෙරියසාමි දයාබරී මහත්මිය පැවසුවාය. 06 March 2024
ක්ලාන්තවී වැටුණු සිසුවිය මරුට කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය . 06 March 2024
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ඇඳවැටී මරුට වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමග ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි. 06 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026