
(දයාරත්න ඇඹෝගම)
මගේ නිවාස ගිනිබත් වුවෙත් අතුකෝරළ මන්ත්‍රීවරයාට සිය ජිවිත පුජා කිරිමට සිදු වුවේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසේ වැරදි වැඩ හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
“නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉතිහාසය දන්නේ නැහැනේ.2005 ජනාධිපතිවරණයට එතුමාගේ පියාට ජනාධිපති අපේක්ෂකත්වය නොදි ඉන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සුදානම් වුණ අවස්ථාවේදි මම තමයි ඉස්සරලාම යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම.”
“ඒ වේලාවේ මම දැඩි අපහසුතාවයකට පත්වුණා.චන්ද්‍රිකා මැතිනිය මට ජනාධිපති මන්දිරයට එන්න කියලා දැඩිලෙස දෝෂාරෝපණය කළා. ඒ විතරක් නෙමෙයි. එතුමාගේ බාප්පා ජනාධිපති කරන්නත් උපරිම උදව් කළා.
ශේහාන් සේමසිංහ ඇතුළු මන්ත්රිවරැන්ගේ ගෙවල් ගිනි ගත්ත එක හොදයි කියලා නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා අපි අහගෙන හිටියා. එයාලගේ වැරදි වැඩ නිසා තමයි අපිට ඒ වගේ තත්වයන්වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. නාමල් රාජපක්ෂ මහත්තයලගේ වැරදි වැඩ නිසා තමයි අතුකෝරළ මන්ත්‍රී තුමා වැනි අයට ඒදා ජිවිතය පුජාකරන්න සිද්ධ වුනේ. ඒදා අරගලය දවසේම රැස්විම් පවත්වලා ඒ කරපු කටයුත්ත නිසයි අපට ඒ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වුනේ.”
“ මම කියනවා නාමල් රාජපක්ෂ මහත්තයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ පුරප්පාඩුව නම් පුරවන්න හම්බ වෙන්නේ නැහැ.” තමාගේ පුරප්පාඩුව පිරවිමට තමාම සිටිය යුතු බවද පර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි පැවසිය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රි තුමා මට අභියෝග කරන්න රැස්විමක් තියලා තිබුණා.මන්ත්‍රිවරැ දහයක් විතර හිටියා.මේක දේශපාලනය නෙමෙයි.නැවත කල්පනා කරලා බලලා තියපු කකුල ආපස්සට අරන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමත් එක්ක එකතු වෙලා ඊලග මැතිවරණය ජයග්‍රහණය කරන්න කටයුතු කරන්න”.
COMMENTS
බලාගෙන ගියාම හොඳටම රාජපක්ෂ පස්සවල් හෝදලා තියෙන්නේ මෙයා වගේ .අනුරාධපුර ජනතාව මේවා මතක තියාගන්න ඊළඟ මහ මැතිවරණයේදී
යහපාලනය වෙලාවේ චන්ද්‍රසේන අයියා මහින්ද ළඟ ඉන්න අතරේ රංජිත් මල්ලී මෛත්‍රි ළඟ. අපිට ඒකත් මතකයි. මෙයාගේ මල්ලිට උතුරුමැද මහ ඇමැතිකම් දීපු නිසා තමයි බර්ටි ප්‍රේමලාල් මහින්ද රාජපක්ෂ එක්ක තරහ වුණේ. එහෙට මෙහෙට පනින අය. කට්ටියම හිතන්න පරණ අතීතය. කොහොම ඉඳලාද ඔහොම පොහොසත් වුනේ කියලා...
එකට එක් වී හම්බ කර ගෙන- සැවොම කා බී සිටියේ සතුටින් - දැන් බේද වී වචන කියවන- බලව! මොවුනගෙ කපටි රැඟුමන~~ බලය ගිලිහී බෙල්ල හිර වී-යන වගට සළකුණු ද තිර වී- දැනෙන විට තව කෙළෙස තනි වී- එක් වුණා බොල! රහස සැඟ වී~
ඒකෙත් පුදුමේ..! ඡන්දෙ කිට්ටු වෙනකොටනේ ඔක්කොම මතක් වෙන්නේ? ඡන්දෙ ඉවර වුණු ගමන් මොකද වෙන්නේ?
අරගලයට පහර දීම ගැන නඩුව අහනකොට මේ ප්‍රකාශ ඉතා වටිනා සාක්ෂි විය හැකියි. ඒ නිසා මේ සියලු ප්‍රකාශවල වීඩියෝ සටහන් සුරක්ෂිතව තබා ගැනීම අදාළ පාර්ශවයන්ට ප්‍රයෝජනවත් විය හැකිය.
ඔයගොල්ලෝ ගහමරා ගන්න.. රටේ ජනතාව මාලිමාව සමගයි...!
හොර පෙරකදෝරුවා ඇතුලු දූෂිත පවුල් පාලනේ අයගේ වැඩක්...
එහෙම නම් මෙච්චර කල් ගෙවල් ගිනි තිබ්බාට ඇයි ජවිපෙ එකට ඇඟිලි දිගු කලේ? හැබැයි මතක තියා ගන්න... එදා මාවිල් ආරු ගොවි වන්දි වංචා සිද්ධිය යටපත් කළේ ඔය දොස් කියන රාජපක්ෂලා තමයි.
දැන් ටික ටික ඇත්ත එලියට එනවා
ඔය කවුරු ගහගත්තත් වැඩක් නැහැ... දිනන්නේ මහින්ද මහත්තයා.
ගිලෙන නැවකින් මෝඩ මීයෝ පනින්නේත් තවත් ගිලෙන නැවකට බව දන්නේ නැහැ
තමන්ට වාසි පැත්තට පනින, තමන්ගේම මඩිය තර කර ගන්න බලන් ඉන්න තවත් එක් පරපෝෂිතයෙක්. චන්ද්‍රසේන ඇතුළු ඔහුගේ පරපුර මේ තරම් දෙපල වලට උරුම කරුවන් උනේ කෙසේදැයි සොයා බැලුවොත් ඔවුන් දේශපාලනය කලේ කුමක් අරභයාද යන්න හොඳටම පැහැදිලියි. දැන් මේ හදන්නෙත් තමන්ගේ බලය රැකගෙන ඉදිරියටත් තමන්ගේ ක්‍රියාවන් සිදුකිරීමටයි. කලාවැව ජනතාවනි, බුද්ධිමත් වෙන්න.
එල්.ටී.ටීය මාවිල් ආරු සොරොව්ව වහලා ගොවියන්ගේ කුඹුරු වේලුණාම දීපු වන්දි හොරා කාලා ඒක ගොඩදාපු රාජපක්ෂලාට සලකන්නේ ඔහොමද?
මොනවා කළත් රටම මාලිමාවට, මේ අයට පුළුවන් ඔය තුන් පිලට පනින්න විතරයි...
මෙයාලා හොඳනම් ගෙවල් ගිනි තියන්නේ නෑනේ...