
(යොහාන් භාසුර සහ සුමිත් පොතුපිටිය)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.
කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට තීරණය කළ බවත් ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කළුතරදී අද පෙරවරුවේ විශේෂ ජන හමුවකදී ඒ මහතා මෙම තීරණය ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට රෝහිතට ඡන්ද දායකයන්ගේ සහයෝගයක් නැහැ..!
පොහොට්ටු සාපයෙන් මිදුණු රත්තරං...
රත්තරන් මහින්දට පොරොන්දු වුණා කිසිම හේතුවක් නිසා නාමල්ව දාලා යන්නේ නෑ කියලා... ඉතින් ඔවුන්ගේ වාසියට ඔවුන් කටුස්සන් වගේ වෙනස් වෙන්නේ කොහොමද කියලා...!
අන්තිමට රාජපක්ෂලා කන්න දුන්නු අය විතරයි ඉතුරු වෙන්නේ... මොකද ඔවුන්ට කෙළෙහිගුණ තියෙනවා. මිනිස්සු වගේ පර ජාතියක් නෙවෙයි...!
රත්තරන් මිනිසා. පොහොට්ටුව ලකුණ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ තිබෙන බව ඔහු පැවසීය.
වැලිකඩ බිම් කැබැල්ලක් ඇත ඔබ වෙනුවෙන්….. වඩිනු මැනේ..
ලංකාවේ දේශපාලනේත් නිකං IPL , LPL වගේ. වෙන්දේසියෙන් සල්ලිවලට ක්‍රීඩකයෝ අරන් ටීම් එක හදලා මැච් එක ගහනවා. ජාතියක්, ජන්මයක් නෑ, ජනතාවට වගකීමක් නෑ, නිකංම නිකං අහිකුන්ඨික දේශපාලනයක්.
ඔලුවෙයි, බඩෙයි, පිටෙයි, පපුවෙයි, පශ්චාත් භාගෙයි හැමතැනම මහින්දව අලවාගෙන උදේ හවස වන්දනා මාන කළ කෙනෙක් නේද මේ? මෙන්න පේනව නේද ලංකාවේ දේශපාලකයින්ගේ හැටි? මොවුන්ගේ කැත වැඩවලින් බේරෙන්න පැත්ත පනිනවා. මොන දේශපාලන පක්ෂයේ වුණත් මේ වගේ ජරාජීර්න අය දේශපාලනයෙන් අතුගාලාම දාන්න ඕනෑ. ඒකයි ජනතා වගකීම... මහින්ද ගෙන් අහන්න තියෙන්නේ දැන්සැප ද කියලා තමයි...!
මේකෙන් පේනවා ඕනෑම හොරෙක්ට රනිල්ගෙන් ආරක්ෂාව ලැබෙනවා කියලා .අවුරුදු දෙකකට වැඩිය හිටියා.එක හොරෙක් ඇල්ලුවද?රෝහිත,මහින්දානන්ද ,ජොන්ස්ටන් ,ලන්සා වගේ සෙට් එක රනිල් ට වැඩ කරන්නේ තමන්ගේ පැවැත්මට
බැසිල් හරිම තීරනේ අරන් වගේ..
මේ හැමෝම අවසානෙදී ඵකතුවෙලා හොරාකන්න බලාගෙන මෙදා සැරේත් ගේම් ගහන්න හදනවා. මේකත් සුපුරුදු නාටකයක් පමණයි. හැබැයි මෙවර ඇපත් නැතිව යන්න වෙන්නේ සෙට් එකටම.
විශ්වාස කරන්න එපා. කපටියා
දැන් මාල හොරා කියන්නත් බෑ ,බැංකු හොරා කියන්නත් බෑ
ඡන්දේ දෙන්නෙ කාටද කියලා තීරණය කරන්න තවත් පහසු උනා. අනිත් අයත් ඉක්මනට තීරණේ ගන්න.
හොරු සියලු දෙනා එකට ඉන්න තීන්දු ගන්නෙ .මුන් ටික ඊලඟ ඡන්දෙ දි අතුගාල දාන එක ජනතාවට භාරයි. බාර් ලයිසන් , ලයිසන් තුවක්කුව ඇතුළු කෝටි ගණන් සල්ලි වලට සේරම පාවා දෙනව. ජනතාව මේවා තේරුම් ගත යුතුය .
රටේ මුළු මහත් ජනතාවම බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනෑ එකම එක දේ තමයි ඉන්න තරමක් පොහොට්ටුවෝ ටික හැමෝම තමන් රටට කරපු අසමජ්ජාති වංචනික තක්කඩි වැඩ වලින් කවදාවත් ඔවුන්ට වෙනත් රජයක් ආවොත් බේරෙන්න බැරි බව. මොවුන් හැම දෙනාම නීතියේ රැහැනට අනිවාර්යයෙන්ම හසුවෙනවා. ඒ නිසා මොවුන් දන්නවා මොවුන්ට නීතියේ රැහැනින් ගැලවීමට ඇති එකම පිහිට රනිල් තුමා බලයට නැවත ගෙන එම පමණක්ම බව... රනිල්තුමාට සාධාරණ මැතිවරණයකින් නම් කවදාවත් බලයට එන්න බැරි බව මොවුන් පමණක් නොව රටේ සියලු දෙනාමත් හොඳින් දන්නා කරුණක්. නමුත් මොවුන් දැන් ඉන්නේ රනිල්තුමා මොනවා හරි වෙනත් උප්පරවැට්ටියක් දාලා අවසාන මොහොතේ හරි බලය රඳවාගෙන මොවුන් සියලු දෙනාවම බේරා ගෙන ගොඩ දා ගනී කියන බලාපොරොත්තුවෙනුයි. ඒ විතරක් නොවෙයි උප්පරවැට්ටි ජිල්මාට් වලට නම් දරපු පොහොට්ටුවෝ රැල ඉදිරියේදී තමන්ට හැකි උපරිමයෙන් අනීතික දේවල් කරන්න බලාවි. ජනතාව සිවිල් සංවිධාන වලට ඉතිහාසයේ කවදාවත් නැති තරම් අභියෝග වලට මුහුණ දෙන්න වේවි. කල්පනාවෙන් ඉන්න වේවි....
රනිල් සහ බැසිල්ගේ මෙගා නාටකයක්... රැවටෙන්න එපා...!
මේක ජනපතිවරණයක් මිසක් පාර්ලිමේන්තු මැතිවරණය ක් නොවේ. මේ වගේ හොරිකඩයින් අවශ්‍ය නෑ. ධම්මික පෙරේරා මහතාට ඡන්දය දිනන්න. ඉස්සර තමයි මේ අය පස්සේ මිනිස්සු ගියේ.
මේ ගොල්ලෝ ඡන්දෙට බයවෙලා එහෙට පනිනවා මෙහෙට පනිනවා. පිල් මාරු කරනවා. මොකද මාලිමාවට බලය ගිය වහාම මේ හොරුන්ට විරුද්ධව තියෙන පැමිණිලි විභාග කරන්න පටන්ගන්නවා. එතකොට හොරකම් ජඩකම් බලුකම්.. ඔක්කොම හෙළිවෙලා අවුරුදු ගානකට, සමහරවිට ජීවිතාන්තයටම හිරේ යන්න වෙන්නත් පුළුවන්. රනිල් ගාවට ගියාට කළුතර අති බහුතරයක් මහජනතාව ජාතික ජනබලවේගය සමගයි. මාලිමාවට ජයවේවා !!!
අම්මට සිරි... එහෙනම් රනිල් තමයි එන්නේ... බයිලා තමයි.
ඔය කවුරු සහාය දැක්වූවත් වැඩක් වෙන එකක් නැහැ. දූෂිත දේශපාලුවෝ දැනටමත් පරාද වෙලා ඉන්නේ..?
සමස්ත ලංකා හොරු එකමුතු සංවිධානය.
තාමත් මොවුන්ට ඡන්දෙ දෙන අය ඉන්නවානේ. රටට දෙවියන්ගේම පිහිටයි!!! මේ පාරත් මිනිස්සු මොවුන්ට රැවටුනොත් ආයේ අපිට තියා අපේ දරුවෙක්ටවත් වෙන රටකට වහල්කම් නොකර ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.
තමන් ව හොඳටම රකින්න පුලුවන් නායකයාට සහාය දක්වනවා.
ලස්සන නාට්‍ය...
මේ වගේ කුනු කන්දල් පොහොට්ටුවෙන් අයින් වියයුතුමය. ධම්මික පෙරේරා මේ වගේ ගොරකයන්ට කැමති නැත .