IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රෝහිතගේ සහයත් රනිල්ට

(යොහාන් භාසුර සහ සුමිත් පොතුපිටිය)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට තීරණය කළ බවත් ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කළුතරදී අද පෙරවරුවේ විශේෂ ජන හමුවකදී ඒ මහතා මෙම තීරණය ගත්තේය.

 



අදහස් (30)

රෝහිතගේ සහයත් රනිල්ට

rocky Sunday, 04 August 2024 12:19 PM

ඒ වුණාට රෝහිතට ඡන්ද දායකයන්ගේ සහයෝගයක් නැහැ..!

:       83       98

Ruwan R Sunday, 04 August 2024 09:53 PM

මෙගා නාටකයක්... රැවටෙන්න එපා...!

:       0       1

Shashika519 Sunday, 04 August 2024 12:28 PM

පොහොට්ටු සාපයෙන් මිදුණු රත්තරං...

:       60       65

GoldieSunday, 04 August 2024 12:54 PM

@ශෂිකා. රත්තරං සාපයෙන් මිදුණු පොහොට්ටුව. මින් මතු පොහොට්ටුව සමග එක්ව ඉන්න කාන්තාවන් රත්තරං මාල පැළඳගෙන පොහොට්ටු රැස්වීම්වලට පැමිණීමට බිය විය යුතු නැත.

:       44       57

Shaf Sunday, 04 August 2024 12:28 PM

රත්තරන් මහින්දට පොරොන්දු වුණා කිසිම හේතුවක් නිසා නාමල්ව දාලා යන්නේ නෑ කියලා... ඉතින් ඔවුන්ගේ වාසියට ඔවුන් කටුස්සන් වගේ වෙනස් වෙන්නේ කොහොමද කියලා...!

:       25       70

Kazi Shajahan Sunday, 04 August 2024 12:29 PM

අන්තිමට රාජපක්ෂලා කන්න දුන්නු අය විතරයි ඉතුරු වෙන්නේ... මොකද ඔවුන්ට කෙළෙහිගුණ තියෙනවා. මිනිස්සු වගේ පර ජාතියක් නෙවෙයි...!

:       32       58

Achi Sunday, 04 August 2024 12:30 PM

රත්තරන් මිනිසා. පොහොට්ටුව ලකුණ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ තිබෙන බව ඔහු පැවසීය.

:       21       40

පිටිගල මිලානෝ Sunday, 04 August 2024 12:34 PM

වැලිකඩ බිම් කැබැල්ලක් ඇත ඔබ වෙනුවෙන්….. වඩිනු මැනේ..

:       42       60

රෙක්ස් Sunday, 04 August 2024 12:35 PM

ලංකාවේ දේශපාලනේත් නිකං IPL , LPL වගේ. වෙන්දේසියෙන් සල්ලිවලට ක්‍රීඩකයෝ අරන් ටීම් එක හදලා මැච් එක ගහනවා. ජාතියක්, ජන්මයක් නෑ, ජනතාවට වගකීමක් නෑ, නිකංම නිකං අහිකුන්ඨික දේශපාලනයක්.

:       42       61

මහසෙන් Sunday, 04 August 2024 12:37 PM

ඔලුවෙයි, බඩෙයි, පිටෙයි, පපුවෙයි, පශ්චාත් භාගෙයි හැමතැනම මහින්දව අලවාගෙන උදේ හවස වන්දනා මාන කළ කෙනෙක් නේද මේ? මෙන්න පේනව නේද ලංකාවේ දේශපාලකයින්ගේ හැටි? මොවුන්ගේ කැත වැඩවලින් බේරෙන්න පැත්ත පනිනවා. මොන දේශපාලන පක්ෂයේ වුණත් මේ වගේ ජරාජීර්න අය දේශපාලනයෙන් අතුගාලාම දාන්න ඕනෑ. ඒකයි ජනතා වගකීම... මහින්ද ගෙන් අහන්න තියෙන්නේ දැන්සැප ද කියලා තමයි...!

:       57       67

Kalutara resident Sunday, 04 August 2024 12:51 PM

මහින්ද පමණක් නොව අනිත් සියලු දෙනාම මේ ඇන්නා පැන්නා කොම්පැනිය මින්මතුවට බාර නොගත යුතුයි. රත්තරං පමණක් නොව කළුතර වස්කඩුව පැත්තේ බෝල මැටි ආශ්‍රිත කිරි මැටි නිධිත් ගිලපු එකෙක්.

:       38       38

Rata Perata Sunday, 04 August 2024 12:40 PM

මේකෙන් පේනවා ඕනෑම හොරෙක්ට රනිල්ගෙන් ආරක්ෂාව ලැබෙනවා කියලා .අවුරුදු දෙකකට වැඩිය හිටියා.එක හොරෙක් ඇල්ලුවද?රෝහිත,මහින්දානන්ද ,ජොන්ස්ටන් ,ලන්සා වගේ සෙට් එක රනිල් ට වැඩ කරන්නේ තමන්ගේ පැවැත්මට

:       36       64

රනේ Sunday, 04 August 2024 12:50 PM

බැසිල් හරිම තීරනේ අරන් වගේ..

:       18       24

Mahesh 007 Sunday, 04 August 2024 01:05 PM

මේ හැමෝම අවසානෙදී ඵකතුවෙලා හොරාකන්න බලාගෙන මෙදා සැරේත් ගේම් ගහන්න හදනවා. මේකත් සුපුරුදු නාටකයක් පමණයි. හැබැයි මෙවර ඇපත් නැතිව යන්න වෙන්නේ සෙට් එකටම.

:       23       46

Riswan Sunday, 04 August 2024 01:05 PM

විශ්වාස කරන්න එපා. කපටියා

:       20       43

Prabha Sunday, 04 August 2024 01:12 PM

දැන් මාල හොරා කියන්නත් බෑ ,බැංකු හොරා කියන්නත් බෑ

:       19       44

ශාන්ත Sunday, 04 August 2024 01:42 PM

ඡන්දේ දෙන්නෙ කාටද කියලා තීරණය කරන්න තවත් පහසු උනා. අනිත් අයත් ඉක්මනට තීරණේ ගන්න.

:       5       45

ජයනාත් Sunday, 04 August 2024 02:13 PM

හොරු සියලු දෙනා එකට ඉන්න තීන්දු ගන්නෙ .මුන් ටික ඊලඟ ඡන්දෙ දි අතුගාල දාන එක ජනතාවට භාරයි. බාර් ලයිසන් , ලයිසන් තුවක්කුව ඇතුළු කෝටි ගණන් සල්ලි වලට සේරම පාවා දෙනව. ජනතාව මේවා තේරුම් ගත යුතුය .

:       4       40

ජනරළ Sunday, 04 August 2024 02:21 PM

රටේ මුළු මහත් ජනතාවම බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනෑ එකම එක දේ තමයි ඉන්න තරමක් පොහොට්ටුවෝ ටික හැමෝම තමන් රටට කරපු අසමජ්ජාති වංචනික තක්කඩි වැඩ වලින් කවදාවත් ඔවුන්ට වෙනත් රජයක් ආවොත් බේරෙන්න බැරි බව. මොවුන් හැම දෙනාම නීතියේ රැහැනට අනිවාර්යයෙන්ම හසුවෙනවා. ඒ නිසා මොවුන් දන්නවා මොවුන්ට නීතියේ රැහැනින් ගැලවීමට ඇති එකම පිහිට රනිල් තුමා බලයට නැවත ගෙන එම පමණක්ම බව... රනිල්තුමාට සාධාරණ මැතිවරණයකින් නම් කවදාවත් බලයට එන්න බැරි බව මොවුන් පමණක් නොව රටේ සියලු දෙනාමත් හොඳින් දන්නා කරුණක්. නමුත් මොවුන් දැන් ඉන්නේ රනිල්තුමා මොනවා හරි වෙනත් උප්පරවැට්ටියක් දාලා අවසාන මොහොතේ හරි බලය රඳවාගෙන මොවුන් සියලු දෙනාවම බේරා ගෙන ගොඩ දා ගනී කියන බලාපොරොත්තුවෙනුයි. ඒ විතරක් නොවෙයි උප්පරවැට්ටි ජිල්මාට් වලට නම් දරපු පොහොට්ටුවෝ රැල ඉදිරියේදී තමන්ට හැකි උපරිමයෙන් අනීතික දේවල් කරන්න බලාවි. ජනතාව සිවිල් සංවිධාන වලට ඉතිහාසයේ කවදාවත් නැති තරම් අභියෝග වලට මුහුණ දෙන්න වේවි. කල්පනාවෙන් ඉන්න වේවි....

:       5       35

CCMonday, 05 August 2024 10:10 AM

හැබැයි සජිත් ආවෝතින් රනිල් ආවාට හපන් වේවි. වටේ ඉන්න හොරු දූෂිත, වංක දේශපාලුවන් පිරිවරාගෙන. වටේ ඉන්න හොර ව්‍යාපාරික ප්‍රජාව ආදරේටද සුහුරු පංති දෙන්නේ නැහැ. ඔවුන්ගේ පටු ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්... ඔවුන්ට සලකන්න සිදුවන විට ඉඟුරු දී මිරිස් ගත්තා වැනි වේවි. මේ රටේ අවංක දේශපාලනය කරන පිරිස අද ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් ඇත. දෙස්, විදෙස්, උගත්, බුද්ධිමත් ලාංකික ප්‍රජාව ආශිර්වාද කරමින් ඇත. රටේ රණවිරුවන් ගේ ඇස් අවදිවෙමින් ඇත. විශ්‍රාමික ප්‍රජාව පොලිස්විරුවන් රට ගැන හැඟීමක් ඇති උදවිය එකතු වෙමින් ඇත. ඒ නිසා රටට අද හෙට පිළිබද බලාපොරොත්තුවක් ඇත.

:       0       2

pradeep Sunday, 04 August 2024 02:43 PM

රනිල් සහ බැසිල්ගේ මෙගා නාටකයක්... රැවටෙන්න එපා...!

:       4       30

Saman Sunday, 04 August 2024 02:48 PM

මේක ජනපතිවරණයක් මිසක් පාර්ලිමේන්තු මැතිවරණය ක් නොවේ. මේ වගේ හොරිකඩයින් අවශ්‍ය නෑ. ධම්මික පෙරේරා මහතාට ඡන්දය දිනන්න. ඉස්සර තමයි මේ අය පස්සේ මිනිස්සු ගියේ.

:       9       11

විජිත් Sunday, 04 August 2024 02:53 PM

මේ ගොල්ලෝ ඡන්දෙට බයවෙලා එහෙට පනිනවා මෙහෙට පනිනවා. පිල් මාරු කරනවා. මොකද මාලිමාවට බලය ගිය වහාම මේ හොරුන්ට විරුද්ධව තියෙන පැමිණිලි විභාග කරන්න පටන්ගන්නවා. එතකොට හොරකම් ජඩකම් බලුකම්.. ඔක්කොම හෙළිවෙලා අවුරුදු ගානකට, සමහරවිට ජීවිතාන්තයටම හිරේ යන්න වෙන්නත් පුළුවන්. රනිල් ගාවට ගියාට කළුතර අති බහුතරයක් මහජනතාව ජාතික ජනබලවේගය සමගයි. මාලිමාවට ජයවේවා !!!

:       4       29

P.D Goonawardena Sunday, 04 August 2024 02:54 PM

අම්මට සිරි... එහෙනම් රනිල් තමයි එන්නේ... බයිලා තමයි.

:       3       18

ගමේ එකාලා Sunday, 04 August 2024 03:07 PM

ඔය කවුරු සහාය දැක්වූවත් වැඩක් වෙන එකක් නැහැ. දූෂිත දේශපාලුවෝ දැනටමත් පරාද වෙලා ඉන්නේ..?

:       5       31

Hafeel Sunday, 04 August 2024 04:18 PM

සමස්ත ලංකා හොරු එකමුතු සංවිධානය.

:       4       27

අසින්ත Sunday, 04 August 2024 04:27 PM

තාමත් මොවුන්ට ඡන්දෙ දෙන අය ඉන්නවානේ. රටට දෙවියන්ගේම පිහිටයි!!! මේ පාරත් මිනිස්සු මොවුන්ට රැවටුනොත් ආයේ අපිට තියා අපේ දරුවෙක්ටවත් වෙන රටකට වහල්කම් නොකර ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.

:       5       31

සිල්වා Sunday, 04 August 2024 05:30 PM

තමන් ව හොඳටම රකින්න පුලුවන් නායකයාට සහාය දක්වනවා.

:       0       0

nihal Monday, 05 August 2024 02:22 AM

ලස්සන නාට්‍ය...

:       0       0

RolandKuranage Monday, 05 August 2024 09:31 AM

මේ වගේ කුනු කන්දල් පොහොට්ටුවෙන් අයින් වියයුතුමය. ධම්මික පෙරේරා මේ වගේ ගොරකයන්ට කැමති නැත .

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site