
(ශාන්ත චන්ද්‍රසිරි සහ රංජිත් රාජපක්ෂ)
දින 22කට පෙර අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා හා පාසල් සිසුවා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අද සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
තලවකැලේ, ග්‍රෙස්වෙස්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනා හා 14 හැවිරිදි පාසල් සිසුවා පසුගිය මස 14 දින සිට මෙසේ අතුරුදහන්වූ අතර පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරා සොයා ගෙන තිබේ.
මෙම අතුරුදහන් සිසුන්ගෙන් පිරිමි සිසුවා හා එක් සිසුවියක සොහොයුරන් වන අතර , අනෙක් සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ නිවාස ආශ්‍රිතව පදිංචි වෙනත් පවුල් දෙකක අය බව පොලීසිය කියයි.
දුරකතන දත්ත වාර්තා විශ්ලේෂණය කරමින් මෙම සිසුන් සිව් දෙනා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරු මත පොලීසිය සිදු කරන ලද විශේෂ විමර්ශණවලින් අනතුරුව ඔවුන් සොයා ගත් බව තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උනුත් ගෙවල් වලටම හිරවෙච්ච ලමයි වෙන්න ඇති. ආසාවට ඇවිදින්න හිතෙන්න ඇති. ආරක්ෂිතව ඉන්නවා නම් ඇති.
මේ ළමයින් දැඩි ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන වගක් තමයි තියෙන්නේ. නීතිය ඉදිරියේ ඔවුන් කබලෙන් ලිපට වැටෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන බලන්න ඕනෑ. තාම ඉගෙන ගන්න වයස...
සඟවාගෙන සිටියේ කව්ද? කුමකටද? සැලසුම කාගේද? ඒකයි අවශ්‍ය තොරතුරු...