(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ දහ අටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ආ පුද්ගලයෙකු ද සමග අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අද(04) පියවර ගෙන තිබේ .

 මොහු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි .

බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත " ගෝල්ඩ් ලීෆ් '' වර්ගයේ දුම්වැටි 12,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 60 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .