
(නිමල කොඩිතුවක්කු)
පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැක බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාවක්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගියදා නිකුත් කළේය.
COMMENTS
ඔයිට නරකද සිද්දිය සිදුවෙන අවස්ථාවේ වට්ස් ඇෆ් මගින් පැමිණිලි භාර ගන්න ක්‍රමයක් හැදුවා නම් හොදයි කියලා හිතන්නේ නැද්ද දැන් කාලයේ ෆැක්ස් පණිවුඩයක් එවන්න පහසුකම් ඔබලා වැනි කාර්යාල නිළධාරින්ට තිබුනත් සාමාන්‍ය ජනතාවට ඒවා නැහැ කියලා තේරුම් ගන්න බැරිද අතින් වියදම් කරගෙන කරනවාට වඩා අතේ තියෙන ෆෝන් එකෙන් ලබාගත් විස්තරය එවෙලේම එව්වොත් වැරදියිද මේ කියන ආකාරයට නම් විස්තර එවන්න කිසිවකු කැමති නොවෙන්න පුළුවන් කරන්නන් වාලේ කරන වැඩ ?