
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරයේ කැප්පෙටිපොළ මාවතේ දී අද (4) පස්වරුවේ විශාල මාරගසක් මෝටර්රථයක් මතට කඩා වැටීමෙන් මෝටර් රථය ට දැඩි ලෙස අලාභහානි වී මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
බදුල්ල ප්‍රදේශයට අද (4) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ බදුල්ල කැප්පෙටිපොළ මාවතේ මාර්ගය අසල තිබූ මාරගසක් එම ස්ථානයේ මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර්රථයක් මතට කඩා වැටී ඇති අතර , එම අවස්ථාවේ මෝටර්රථය තුළ කිසිවෙකු නොසිටි හෙයින් මින් කිසිවෙකු ට හෝ අනතුරක් සිදු ව නැතැයි පොලිසිය සදහන් කළේය .
COMMENTS