තියුණු ආයුධයකින් ගෙල කපලා බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ දෙපිරික් අතර ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පුද්ගලයකුගේ ගෙළ කපා ඝාතනය කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 14 April 2024
‘බඹරා‘ ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් මිද්දෙනිය උලහිටියාව ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි . 14 April 2024
අද වහින පළාත් බස්නාහිර ,සබරගමු, දකුණ,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්මාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලටත් අද පස්වරු 2.00ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 April 2024
සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි. 14 April 2024
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක් මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලය වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. 14 April 2024
වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය නැකත උදාවේ මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව වැඩ ඇල්ලීම සහ අනුභව කිරීමේ නැකැත මිට සුව මොහොතකට (12.06ට) උදා විය. 14 April 2024
ආහාර පිසීමේ නැකත උදාවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව ආහාර පිසීමේ නැකැත මිට සුව මොහොතකට (11.06ට) උදා විය. 13 April 2024
සුබ අලුත් අවුරුද්දක් වේවා ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා. 13 April 2024
සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක් ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර ‘බොන්ඩි බීච්’ වෙරළ තීරය ආසන්නයේ සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 13 April 2024
පුණ්‍ය කාලය උදාවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැතට අනුව පුණ්‍ය කාලය මීට සුව මොහොතකර පෙර උදාවුණි. එය අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා පවතින අතර අලුත් අවුරුද්ද අද රාත්‍රී 9.05ට උදාවේ. 13 April 2024
ජනපතිගෙන් දරුවන්ට අවුරුද්දට තෑගි මල්ලක් සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිවයින පුරා සිදු කෙරිණි. 13 April 2024
බ්ලූම්බර්ග්’’ රුපියල ගැන කියයි ශ්‍රී ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 13 April 2024
පැරණි කෝන්තරය ජිවිතයක් නැති කරයි පැරැණි කෝන්තරයක් මුල් කරගෙන ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ තිදෙනකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයකු මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි. 13 April 2024
ජීඑල්ට පොහොට්ටුවෙන් විනය පියවර මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. 13 April 2024
වල් අලියා දරු පවුලක් රෝහලට යවයි දිඹුලාගල මගුල්දමන, නිවසකට 13 වෙනිද අලුයම වන අලියකු පහරදීමෙන් ,එම නිවසේ බිත්තියකට යටව තුවාල ලැබූ අවුරුදු අට සහ හතර වයසේ දුව සහ පුතා මෙන්ම අවුරුදු විසිහයක් වයසති මව තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව,මනම්පිටිය පොලිසිය කියයි. 13 April 2024
කොළඹ - බෙලිඅත්ත දුම්රිය ගමන් නවතී දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව කළුතර දුම්රිය බලධාරියෙක් පැවසීය. 13 April 2024
අදත් සවස තදින් වැස්ස උතුරු සහ නැගෙනහිර පළාත්වලට සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 April 2024
හොර සල්ලි මැසිමක් සමඟ අයෙක් මාට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමට යොදා ගන්නා ලද පරිගණකයක් ද රුපියල් 500,1000 සහ 5000 නොට්ටු මුද්‍රණය කිරිමට සුදානම්කර තිබු කඩදාසි තොගයක්ද සමග සැකකරුවකු ගාල්ල කොට්ඨාස අපරාධ විමරශණ අංශයේ නිලධාරින් විසින් අහංගමදි ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගෙන ඇත. 13 April 2024
ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානය සූදානම් ඕනෑම මොහොතක, ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවයි. 13 April 2024
‘නෙසී’ සොයන්න ‘නාසා’ සහාය ස්කොට්ලන්ත කඳුකරයේ ඇති ලොක් නෙස් විලේ සිටිනවා යැයි විශ්වාස කෙරෙන, ‘නෙසී’ යන ආදර නාමයෙන් ද හැඳින්වෙන, යෝධ ඩයිනසෝරයකු වැනි පිහිනන උරගයා ඇත්තක් ද බොරුවක් ද සෙවීමට, ස්කොට්ලන්ත බලධාරීන් ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් සහාය ලබා ගැනීමට සූදානම් වෙයි. 13 April 2024
ජාතික ජල සම්පාදනෙන් කෝටි 27ක අමුතු ගෙවීමක් රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ඵලදායී දීමනා නමින් රුපියල් මිලියන 269 ක් ලෙස ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 12 April 2024
‘‘ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි‘‘ පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂක උත්සව් කුමාර් මහතා ප්‍රකාශ කළේය. 12 April 2024
මෙරට කතුන්ගේ වැටුප පහළ මට්ටමකලු ශ්‍රී ලංකාවේ කාන්තාවක් පැයකට උපයන වැටුප එම කාර්යයේම නිරතවන පුරුෂයකු උපයන වැටුපට සාපේක්ෂව සියයට 27 කින් අඩු බව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම පර්යේෂණ වාර්තාවේ දැක්වේ. 12 April 2024
ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 12 April 2024
ආගම විගමන නිලධාරීහු විරෝධයක ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති. 12 April 2024
මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ. 12 April 2024
බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක් බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය. 12 April 2024
බළංගොඩ අනතුරින් හතක් රෝහලට බළංගොඩ හැටන් මාර්ගයේ බළංන්ගොඩ පින්නවල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 07 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 12 April 2024
වියට්නාම් කෝටිපති ව්‍යාපාරික කතට මරණ දඬුවම් අල්ලස් ගැනීම, බැංකුකරණය පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ වංචා කිරීමේ චෝදනාවලට වැරදිකාරිය වූ වියට්නාමයේ දේපල වෙළඳාම් ක්ෂේත්රයේ දැවැන්ත ව්‍යාපාරිකාවක වන ට්‍රොන්ග් මි ලාන්ට වියට්නාම අධිකරණය මරණීය දණ්ඩනය නියම කර ඇත. 12 April 2024
රුසියාව යුක්රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි යුක්රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළේය. 12 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025