
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දික්වැල්ල වලස්ගල ප්‍රදේශයේ දී අද (21) උදෑසන නාදුනන තුවක්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදරු පියෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.
තම නිවසේ සිට මීටර් 50 ක් පමණ ඈතින් වු ස්ථානයකදී එසේ වෙඩි තබා ඝාතනය කර තිබුණේ වලස්ගල වීරසෙවණ පදිංචිව සිටි සාරව බණ්ඩාරගේ රොෂාන් සංජීව (48) නැමැති රියදුරෙකි.
එළවලු ලොරියක රියදුරෙකු ලෙස රැකියාව කරන ඔහු බණ්ඩාරවෙල යාමට සූදානම්ව නිවසේ සිට යතුරුපැදියෙන් යදීදී අතරමග සැගවී සිටි සැකකරුවකු මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd