
(අංජුල මහික වීරරත්න)
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝග වලට විශාල හානියක් කරන රිලවුන් හා අනෙකුත් සත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්‌ම දෙපාර්තමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඇතුළු ආයතන 15ක් පමණ නියෝජිතයින් සහභාගී වී තිබේ.
එහිදී විවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ව ගහණ ව්‍යාප්තිය පාලනයට හා බෝග වලට සිදුවන හානි වැලැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා එම විශේෂ ඒකකය ස්ථාපිත කෙරිණි.
එමෙන්ම වගා හානි වැලැක්වීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් අනුව කටයුතු කිරීමට ද සැලැසුම් සකස් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගාකල ඉඩම්වල අස්වනු හොරකම් කරන එවුන්ටත් ඒවා මිලට ගන්නා අයටත් දඩුවමක් දෙන්න පුළුවන් නම් ඉතාමත් හොදයි. එහෙම ඉල්ලන්නේ සමහරක් එවුන් අතපය වෙහෙසා රැකියාවක් නොකර අනුන්ගේ වගාවල පොල් කෙසෙල් ගම්මිරිස් කුරුදු තේ දලු හොරකමට යොමු වී සිටීමෙන් වගාකරුවන් වගාවට දිරිමත් නොවන හෙයිනි. උපමාවකින් කියනවා නම් එක්තරා පරම්පරා හොරෙක් බන්ධනාගාර ගත කලාම පුහුනුවක් සඳහා යොමුකර තියෙනවා. ඒ හොරා කිව්වලු මට ඕවා වැඩක් නැහැ. දවසකට කෙහෙල් කැනක් දෙකක් කපාගත්තම ඇති කියලා. මෙම හොරා ගැන පොලිසියට පැමිණිලි කලොත් හෝ තරවටු කලොත් උගේ පියාගේ ගෑනී ඌට මොනවා හරි වුනොත් තොපිට ඉන්න දෙන්නේ නැහැ කියලා තර්ජනය කරනවා. ඒ නිසා මෙහෙම එවුන්ව අවුරුදු දහයක්වත් පවුලේ අයට බලන්ඩ නොදී එලිමහන් කදවුරක වැඩක යොදවනවා නම් රටට සේවයක් වේවි.
ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න. ඊයේ දිනයේ විතරක් මගේ ඵල දරන එකම පොල්ගහේ කුරුම්බා ගෙඩ් 39 ක් බිම දාලා. අපට මාස 2 ක් කන්න පුළුවන් ප්‍රමාණය ඒ විනාශ කරලා තියෙන්නේ.
කාලීන අවශ්‍යතාවයකි. මේ කටයුත්ත අගය කළ යුතුයි. මෙහිදී ගිය සැරේ වගේ කිසිකෙනෙක් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරලා මේ කටයුත්ත විනාශ කරන්න එපා. "අපි බොහෝ දේ වගා කරගෙන පරිභෝජනය කරපු ජාතියක්."
පොල් වගාව කුරුමිණි සහ ඉත්තෑවුන්ට දීලා අපි බලාගෙන ඉන්නවා. මේ ගම්පහ ප්‍රදේශයේ පොල් පර්යේෂණ ආයතනය වගා කිරීමේ මණ්ඩලය පොල් සංවර්ධන අධිකාරිය තව මොන ආයතනය තිබුණත් අත්සනට වැටුප ගන්න සේවක කණ්ඩායමක් පමණයි. සේවයක් නෑ. රටට බරක්.
මේක හොද වැඩක්. ලංකාවේ අස්වැන්නෙන් 30%ක් පමණ වදුරන්, මොනරුන් සහ අනෙකුත් සතුන් නිසා හානි වෙනවා.
රිලවුන් දඩුලේනුන් වගාවෙන් /3ව්තර ව්නාශ කරනවා. වදුරන් විශාල වශයෙන් පළතුරු, එළවළු බෝග විනාශ කරනවා. වියලි කලාපෙට ව්තරක් සීමා වුණ මොනරු කලුතර, ගම්පහ, කොළඹට පවා ව්‍යාප්ත වෙලා. මේ අය පාලනය කරගන්න ඕනෑ. මිනිස්සුට කන්න තියෙන සම්පත් විශාල මුදලකට ගන්න වෙලා.