
(සුජිත් හේවාජුලිගේ)
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට අද(20) ලිඛිතව දැනුම් දුන්නේය.
සම්පන්දන් මහතාගේ දියණිය බංගලාව පසුගිය 12 වැනිදා බාර දෙන බවට අමාත්‍යාංශයට ලිපියකින් දැනුම් දුන්නද අද(20) වනතුරුද නිවස බාරදීමට කටයුතු කර නොතිබිණ.
සම්පන්දන් මහතා පසුගිය ජුලි මස 01 වැනිදා අභාවප්‍රාප්ත විය. ඔහු මියයාමෙන් පසුව සම්පන්දන් මහතාගේ පවුලේ සාමාජිකයෝ එම බංගලාවේ තවදුරටත් රැඳී සිටිති.
සම්පන්දන් මහතා විපක්ෂ නායක ධූරයෙන් ඉවත්වීමෙන් පසු එවකට රජයේ කැබිනට් මණ්ඩලය ඔහුට දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දරනතුරු එම බංගලාව ලබාදීමට තීරණය කර තිබිණ
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා තවමත් රැඳී සිටින්නේ සමිට් නිවාස සංකීර්ණයේ රජයේ නිවාසයකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අවභාවිතා කරලා රජයට වුණ පාඩුව අයකරගන්නේ නැද්ද එතකොට.
මේ අයට ලැජ්ජා නැද්ද? මේකට සම්පන්දන්ගේ දුවට ලොකු දඩයක් ගහන්න. මොවුන් යාපනේ මිනිස්සුත් සූරං කාලා තවමත් රාජ්‍ය දේපළ සූරන් කනවා. ලැජ්ජයි.