
(අංජුල මහික වීරරත්න)
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
මේ වගේ පාර්ලිමේන්තුවක දේශපාලන වශයෙන් මහා විශාල දෙයක් සිදු කරන්නට ලැබෙන්නේ නැතැයි කී හිටපු අමාත්‍යවරයා තිබෙන තත්ත්වයන් ජනතාවට තේරුම් කරන්නට සිදුවන්නේ මහ මහපාරේදී බව සඳහන් කළේය.
ඒ නිසා මහ පාරට වැටිච්ච එක ගැන සතුටු වන බව කී ප්‍රනාන්දු මහ පාරෙන් නැවත පටන් ගැනීම තමා දන්නා පුරුදු දේ බවද පැවසීය.
පැරණි දේශපාලනය නැවත කරළියට පැමිණ ඇතැයි පෙනෙන්නට තිබෙන බව කී හිටපු අමාත්‍යවරයා තමා නඩුවට පෙනී සිටින්නට ආවේ ඉන්නම බලාගෙන ඇඳුනුත් අරගෙන යැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව මරහපාරට වට්ටපු හොරෙක් තමා මූ. ඒ දවස්වල මුන්ගේ තිබ්බ කැටයම් ඇම්බැක්කෙවත් තිබුණේ නෑ.
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ "ඩී එස් සේනානායක මැතිතුමාට ගෞරවයක් වශයෙන්" එක්සත් ජාතික පක්ෂයේ සිටිනා දුෂිතයන් සියල්ල ඉවත් කර පක්ෂය පුර්ණ ප්‍රතිෂන්විදනයකට ලක්කර සියලු ජාතීන්ගේ පක්ෂය බවට පරිවර්තනය කර පක්ෂයට නව මුහුණුවරක් ලබා දී ශක්තිමත් කළ යුතුවේ.
දැන් රජයේ අරමුදල් කන්න බැරි නිසා පාරේ ඉඳගෙන හිඟකන එක ලේසියි.
ඔරුව පෙරලුණාම ඒ පැත්තට හොඳයි කියනවා. හොර දෙපිටකාටූ දිව දෙකේ අමනයා.
ධනාත්මක චින්තනය.
පචයගේ පච වලට රැවටුනු බයියොන්ට වැඩිකල් යන්න කලින් කරපු වැරැද්ද වැටහෙයි. ඔබතුමා පැරදුනේ නෑ. ආපහු ගමන පටන්ගමු බිම් මට්ටමෙන්.
අපිටත් සතුටුයි
මිනිසුන් විසින් කුජීතවෙන්න පරාජයට පත් කරපු එළවපු මේ අයට මාධ්‍ය ඉඩක් දෙන්න එපා .ඒ ඉඩ සාමාන්‍ය ජනතාව වෙත දෙන්න.
වැරද්ද කරා කියලා හිත දන්න නිසා වෙන්න ඇති එහෙම ආවෙ...