
(යොහාන් භාසුර)
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක් තිබියදී හිඟයක් ඇතිවීම පිළිගත නොහැකි බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) පැවසීය.
නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එසේ පැවසීය.
ස්වර්ණ නාඩු සහල් මොට්‍රික්ටොන් 70,000 දෙසැම්බර් මස 15 වැනිදා වන විට කිලෝවක් රුපියල් 220 කට මිලදී ගතහැකි වන පරිදි වෙළෙඳපොළට සැපයීමට නියමිත බවත් මෙම සහල් ප්‍රමාණය දින 15 කට පමණක් ප්‍රමාණවත් වන ලෙස ආනයනය කරන බවත් ඒ මහතා පැවසීය.
ආනයනය කරන සහල් තොගය සතොස, සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා බෙදාහැරීමට කටයුතු කරන බවත් සහල් ආනයනකරුවන් විශාල පිරිසක් ඒ සඳහා මේ වන විටත් සූදානම්ව සිටින බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙම සහල් තොගය ආනයනය කිරීමට රුපියල් මිලියන 5,000 ක් හෙවත් රුපියල් කෝටි 500 ක් වැයවනු ඇති බව කී වසන්ත සමරසිංහ මහතා මෙම සහල් ආනයනය ද පැවැති බදු මත ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
මෙරට සහල් පරිභෝජනයෙන් සියයට 65 ක් පමණ නාඩු සහල් වීම නිසා එම සහල් පමණක් ආනයනය කරන බවත් රතු සහ සුදු කැකුළු සහල් පිළිබඳව මේ දක්වා ගැටලුවක් මතුවී නොමැති බවත් අමාත්‍යවරයා කීය.
නාඩු සහල් මොට්‍රික්ටොන් මිලියන 4.8 ක් හෙවත් මෙටි්‍රක්ටොන් ලක්‍ෂ 48 ක් මෙරට තුළ පසුගිය වසර දෙක තුළ නිෂ්පාදනය කර ඇති බවත් මෙරට මාසික සහල් පරිභෝජනය මොට්‍රික්ටොන් 183,000 ක් පමණක් වීම නිසා මොට්‍රික්ටොන් 40,000 ක අතික්තයක් ඇති බවත් වසන්ත සමරසිංහ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.
ආපු ගමන් වැඩ පටන් අරන්...
හාල් නැත්නම් ආනයනය නොකර හාල් මවන්නද?
අතරමැදි මාෆියාව පරාජය කරමු ජයවේවා...!
රජය දෙන සහනාධාරවලින් ගොවියන්ගේ දාඩිය මහන්සියත් ලාභය ගන්නේ ඩඩ්ලි සිරිසේන ඇතුළු හාල් මාෆියා කාරයෝ, රජය ඉදිරියේ දී වී මිලදී ගනී එවිට මුන්ගේ චන්ඩිකම් අවසන් වනු ඇත.
රුපියල් 71.43 කට ගෙන්නලා 220 ට විකුණන්නේ මොකද කියලත් බැලුවොත් මොකද ඇමතිතුමා.
සිරිසේනට බයයි වගේ.
සර්ගේ හාල් ගබඩාව වට කරන්න බයයි වගේ.
රුපියල් 71.43 ට ගෙනල්ලා 220 ට විකුණන්නේ මොකද කියලත් හොයලා කියමු ඇමැතිතුමා..
පව් අනේ, මුකුත් කියන්න එපා.
ජනාධිපති රූපවාහිනි සාකච්ඡාවකදී කිව්වා එක්කෝ අඩු කරන්න නැත්තන් ගෙන්නන්න වෙනවා කියලා. ඒත් මුදලාලිලා ටිකක් කල් අල්ල ගෙන ඉඳියි. අලුත් කන්නේ ඵලදාව රජයෙන් මිලදී ගත්තම ගෙන්නන්න ඕන වෙන එකක් නැතිවෙයි. හැබැයි ඔක්කොම දෙනා අහවල් අයට නිත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න බය ඇයිද කියලා නම් හිතාගන්න බෑ. විරුවාටත් බැරුව ගියා බලමු කයියා මොකද කරන්නෙ කියලා ඉස්සරහට. තාම ආවා විතරනේ. ගෙන්නන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑ කියලත් කවුද මන්ද කිව්වා වගේ මතකයක් තියෙනවා.