
(අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර තිබේ.
එම කමිටුවේ පරීක්ෂණ වාර්තාව සති තුනක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ද තීරණය විය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.
නීතීඥ කුමාර් දුනසිංහ,නීතිඥ ඉන්දික වේරගොඩ,ආචාර්ය විතානගේ සහ නීතිඥ යසස් ද සිල්වා මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
එම කමිටුවේ පරීක්ෂණ වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ලබා දීමට නියමිත බවත් අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් නිසි තීරණයක් ගැනීමට නියමිත බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් කෙරෙන වැඩක් නෙවෙයි. අලියත් අරන් පක්ෂය වෙනුවෙන් ඇත්තටම කැපවෙන තවමත් පුංචි හරි බලාපොරොත්තුවක් කියන්න ඉන්න පාක්ෂිකයන් එක්ක පුංචි ඡන්දෙට වැඩ පටන්ගන්න. විශ්වාසය ඇති කරන්න ඒ අවට. හිටපු ජනාධිපතිතුමනි, දැන්වත් කෙලින් තීරණය ගන්න. නුවරඑළියට දුන් අලිය අපටත් දෙන්න. දිනවන්නම් අපි...
රවී කරුණානායකගේ පක්ෂයේ සලකුණ හංසයා, සිලින්ඩරය සහ අලියා මේ සලකුණු වලින් කුමක්ද? ඔහු යටතේ පක්ෂ කියක් ලියාපදිංචි කර තිබේද? රවී කරුණානායකගේ මෙවැනි දුෂිත, සම්ප්‍රදායක්, එකඟත්වයක් සහ සදාචාරයක්, වගවීමක් වගකීමක් නොමැතිව ඔහුගේ අවස්ථාව උදාකර ගැනීම සඳහාම දේශපාලනයේ දී සිටින බවක් පෙනෙන්නට ඇත. මොවුන්ගෙන් පාශයට හානියක් මිස සිදුවූ ප්‍රගතියක් නොමැත. මොවුන්ගේ ක්‍රියාවන් නිසා අනාගතයේ දේශපාලනයට / පාර්ලිමේන්තුවට පැමිණෙන නවකයින්ටද වැරැදි පුර්-වාදර්ෂයන් එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිනයකට ලක්කළ යුතුම වේ. නවකයින්ට අවස්ථාව ලබාදී දූෂිතයින්, පාක්ෂිකයන් අතර පමණක් නොව සමස්ත රටේම දෝෂාරෝපණයට ලක්වූ පුද්ගලයන් පක්ෂයෙන් ඉවත්කළ යුතුවේ. එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂය වටා එක්විමට නම් (ඔවුන් බලාසිටින්නේද) පක්ෂය පිරිසිදු කර නව මුහුණුවරක් ලබාදිය යුතුවේ.
ඔන්න පලපුරුදු අයගේ වැඩ. පලපුරුද්ද නැති අය හරියට කෙරුවා.
ඕකව පක්ෂයෙන් නෙරපන්න. කෑදරයා.
මේ වගේ නම් දරපු පට්ට හොරු අපතයෙක් පාර්ලිමේන්තුව අහලකටවත් එන්න දෙන්න එපා. පාර්ලිමේන්තුවට රිංගුවොත් විශ්වාසභංගයක් ගෙනල්ලා දොට්ට දැමිය යුතුයි.