IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය. 

මෙම අවස්ථාවට පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් ඇතුළු මන්ත්‍රීවරු 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදුවිය.

මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සලසා දී තිබිණි.



අදහස් (0)

පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site