
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීමට ද නියමිතය.
උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම මවුපියන්ගේ සහභාගීත්වයෙන් ලබන සිකුරාදා (22) සවස 6ට මෙම දෙසුම පැවැත්වේ.
හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ නාවත් කම් නෑ ඉතින්?
මෙයා මොනවා නැතත් දෙසුම් පවත්වන්න නම් හරි ආසයි. එතකොට හරි උගතා වගේ පේනවානේ... කවුරුවත් නැත්නම් පිටරටක මොන්ටිසෝරි ළමයි ටිකකට හරි දෙසුමක් පවත්වයි.
මහබැංකු අධිපති මගුල් ගෙදර ගියා වගේ තමයි. අනේ ඉතින් ආයේ කවදා දකින්නද?
බැංකු මංකොල්ලකෑම, මිනිසුන් පණපිටින් බාබකිව් කිරීම, වැනි අපරාධ පිලිබඳ මනා පළපුරුද්දක් ඇති මොහු ,හිට්ලර් සහ පොල්පොට් ගෙන් පසු දැනට ජීවත්වන එකම " වධකයා" ද වෙයි. මම හිතන්නේ තමන් කල අපරාධ පිළිබඳව අත්දැකීම් ඉන්දියාවේ තම ඥාතින් සමග බෙදාහදා ගන්නා දේශනයක් මේ.
අර මොකද්ද කෝවිලේ පූසාරි උන්නැහේ මළා කොරෝනා හැදිලා. නැත්නම් එතැනත් පොඩි සෙල්ලමක් දාලා එයි... ආයේ ජනාධිපති කරන්න කියලා ඉල්ලලා...!
ජනාධිපතිතුමා ලබන මාසේ ඉන්දියාවට යනවා කියලා ආරංචිය ඇහුණු ගමන් නාකියා කුලප්පු වුණා. මේ මිනිහගේ මොලේ අවුල් (තවමත් හිතාගෙන ඉන්නේ මිනිහා තවමත් ශ්‍රී ලංකාවේ ජනාධිපති කියලා) දැන් .. සමහරවිට ඉන්දියාවත් එක්ක තවත් මාරක ගිවිසුම් වලට අත්සන් කරයි දිනය මාරුකරලා, ඉන්දියාවටත් ඕන ඒ වගේ දේවල්...
මෝදි අංකල් ඔයාලාගේ මහ බැංකුවට දැන්මම තඩි ඉබ්බෙක් දාගන්න.
ලොකු අයියාගෙන් වත් බලමු අහලා. උත්සාහය අත අරින්නේ නැහැ හොඳේ...
අනුරට කලින් ගිහින් ගින්නක් දෙන්න වගේ යන්නේ...?
සුපුරුදු ලෙස තවත් කකුල් මාට්ටුවක්වත් දාන්නදෝ. පරිස්සමින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලු..
මේ සීයාගේ දේශන දැන් යල් පැනලා. මොකද මෙයාගේ JR මාම UNPය රනිල්ට දුන්නේ 5/6 බලයක් එක්ක. මෙයා ඒ සද්දන්ත කැලුණක් වගේ තිබ්බ UNP පක්‍ෂය පොලොවටම සමතලා කරල නැත්තටම නැති කරල වලපල්ලට යවලා අද වනවිට රටේ UNP කාරයෙක් හොයා ගන්න වත් නැහැ. ඔන්න මේ සීයාගේ කෙරුවාව...
මෙයා මේ වෙලාවේ රටින් පැනලා යන්නේ රවි ජාතික ලැයිස්තුවට ගේන්න ගහපු ගැටේ එළි වෙන්නට කළින්...!
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
කේළම් කියන්න.