IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කථානායක සභාව අමතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මේ රටේ ආදර්ශමත් පාර්ලිමේන්තුව  බිහිකිරීමට තමා කැපවන බව දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක  අශෝක සපුමල් රන්වල මහතා එම තනතුරට පත්වීමෙන් පසු ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට  මෙහි සිටින සියලුම මන්ත්‍රීවරුන් එකාවන්ව  අදිටන් කර ගැනීම ඉතාම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

අශෝක සපුමල් රන්වල මහතා මෙසේද පැවසීය.

මම මේ තනතුරට පත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශංසාව පිරිනමනවා. දේශපාලන පක්ෂ වලටත් ප්‍රශංසාව පුද කරනවා. ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයද මා කෙරෙහි තැබූ විශ්වාසය ගැන ප්‍රණාමය පුද කරනවා. පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් ඔබ සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මේ භාරදූර කතානායක ධූරයේ වගකීම අවංකව සහ කාර්යක්ෂමව ඉටු කිරීමට පොරොන්දු වෙමි.

ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට මම උපරිමයෙන් කැපවෙනවා. කාරක සභාවලදී ඵලදායි දායකත්වය ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිනවා.අපි සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන සම්මුතියෙන් එක්සත්ව එක්සිත්ව එක්සිත්ව  එකම ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දේශපාලන වාද භේදයෙන් තොරව මේ අභියෝගාත්මක අවස්ථාවේදී  රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්  කටයුතු එක්වන ලෙසට මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.යහපත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

නව  කතානායකවරයාට සුභ පැතුම් පිරිනමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

ඔබට විපක්ෂය විදියට අපි සුභ පැතුම් පිරිනමනවා. මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්  දෙනාගේම අයිතිය ගෞරවය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් විදියට මම පෙන්වා දෙනවා. ඔබගේ කාර්යභාරය ව්‍යවස්ථානුකූලව ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

මන්ත්‍රී රවුෆ් හකීම් මහතා :

නවකතානායකවරයාට සුභ පැතුම් පිරිනමනවා. සමානුපාතික ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමට සංශෝධන කළ යුතුයි. සුළු පක්ෂවලට අවස්ථාව ලැබෙන්නේ ඒ ක්‍රමය තුළිනුයි. ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් ඔබතුමාගේ රැකවරණය බලාපොරොත්තු වෙනවා



අදහස් (0)

කථානායක සභාව අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site