
(අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඔවුන් දක්ෂ තරුණ උගත් කැපවීමෙන් වැඩ කළ හැකි දෙදෙනෙක් බවද අමාත්‍යවරයා කීය.
එම නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමග එක්ව වැඩ කරන බව කී බිමල් රත්නායක මහතා පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව තම අමාත්‍යාංශය වැඩ නොකරන බවද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේල්ලුවටනම් නියෝජ්‍ය අමාත්‍යවරු දෙතුන් දෙනෙක් පත්කරත් කමක් නෑ. නියොජ්‍ය සාමන්‍යධිකාරිවරු දෙන්නෙක් තමුන්ගේ මනාපයට කොරන වැඩ කටයුතු වලින් මිනිස්සු විදින දුකෙන් මුලින්ම බේරලා දෙන්න. ගම්පහ එක්කෙනා දුර ගමන් දුම්‍රිය ගම්පහ නතර කරලා මිසක් යන්න දෙන්නේ නෑ. එයා හිතන්නෙ එයා රෙල්ලුවට පත් කරලා තියෙන්නේ ගම්පහ ජනතාවට සේවය කරන්න කියලා. ඒ මහත්තයා දන්නෙ නෑ කැළණියේ ඉඳන් අඹෙපුස්සට යනකන් ගම්පහ දිස්ත්‍රිකයට අයිති කියලා. ගම්පහ ජනගහනය වැඩි කියලා තර්ක දාගෙන තමුන් පදිංචි නගරෙට සේවය සලසා ගන්නවා. නුවර ඉදන් එන එක්කෙනා කාර්‍යාල නොවන ඔහු යන එන දුම්රියන් කාර්‍යාල දුම්රියන් අභිබවා ප්‍රමුඛතාවය ලබා ගන්නවා. කාර්‍යාල දුම්රිය මීරිගම වේයන්ගොඩ හෝ ගම්පහ විනාඩි 10-15 නවත්වලා එයා ගමන් කරන කාර්‍යාල නොවන දුම්රියට ප්‍රමුඛතාවය ලබා ගන්නවා. මිනිස්සු කොච්චර රස්තියාදු වුනත් සතේකට මායිම් නොකර.
වරායට වෙනම සහයට තව නියෝජ්‍ය අමාත්‍යංශයක් අනිවාර්යයෙන් පත්කිරීම සුදුසුයි. හේතුව වරාය ටෙන්ඩර් කැඳවීමේ දී මහා හොරකම් , දූෂණ සිදුවෙනවා.
උගත්? ඒ කිව්වේ ඩිග්‍රියක් තිබෙන අයද? ඩිග්‍රිය තිබුණ පලියට වැඩ කරන්න පුළුවන්ද?