
(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය එම නිවාස වල තවදුරටත් රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට ලිඛිතව දැනුම්දී ඇත.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු පමණ ඊයේ (20) වනවිට ඉවත්ව ගොස් තිබිණ.
නව වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස වල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු පසුගිය 14 වැනිදා තෙක් පමණි.
පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් එම නිවාස සංකීර්ණයේ තවදුරටත් රැඳී සිටීමට හැකියාව ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා ඒවා පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 110 ක් පවතී. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පළමුවෙන්ම ඉල්ලීම ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව නිවාස ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රමය හරි. ඇඳලා එළියට දාන්නත් පුළුවන්. උසාවී නියෝගයකින් පස්සේ.
එතකොට ඇමතිලාට කොළඹ නිල නිවාස නොදෙන කතාව. මන්ත්‍රීලාට විතරද දෙන්නේ?
ඇයි දැන් දවස් ගණනකට කලින් කීවේ ජල හා විදුලි සැපයුම් විසන්ධි කලාය කියලා. කාටද හැබෑට මේ බොරු කරන්නේ.
තමන්ගෙන් ඉටුවියයුතු කාර්යයන් පැහැර හරින මෙවැනි මන්ත්‍රීවරන්ගෙන් ජනතා සේවයක් බලාපොරොත්තු විය හැකිද ?
ඇයි එලියට ඇදලා දාන්න බැරිද?
යන්න කිව්වාට දාලා යන්නේ නැති ලෙඩේ එන අර කූඩැල්ලෝ වගේ එල්ලිලා ඉන්න හදන අය
ඒගොල්ලන්ගෙන් අහන්න හලෝ ඔයාලා යන්න කැමැතිද කුක්කු බබාලා කියලා.. කළින් හිටපු ජනාධිපතිලාගෙන් ඇහුවා වගේ...