
(අංජුල මහික වීරරත්න)
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඇමතිකම් බලාගෙන වැඩ කළේ නැතැයිද එවැනි දේ ඔළුවේ කොහේවත් තිබුණේ නැතැයිද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව නවක මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීම සඳහා නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ඔබට අමාත්‍ය ධුරයක් නොලැබුණේ ඇයි දැයි එහිදී මාධ්‍යවේදියකු නාමල් කරුණාරත්න මහතාගෙන් විමසීය.
ඡන්දය දුන් සියලු ජනතාවට ගරු කරන අතර ස්තුතියද ප්‍රකාශ කරන බව කී මන්ත්‍රීවරයා එම ජනතාව තැබූ විශ්වාසය අබමල් රොනකින් වත් කඩන්නේ බිඳින්නේ නැති බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීළඟ පළාත්සභා මහඇමැති තනතුර සඳහා මෙයා පත්වීමට නියමිතයි..
මේ තමයි මාලිමාව පුපුරා යාමේ පළමුවන සංකේතය. අපි බලන් ඉමු හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.
අනිත් අයගෙයි මේ අයගෙයි වෙනස ඔන්න ඕකයි. පදවි තානාන්තර බලාගෙන ඉන්න අයගෙන් රටට වැඩක් නැහැ. පක්ෂයක සාමූහික තීරණවලට අනුව සත්භාවයෙන් වැඩකරන අය තමයි නියම වැඩක් රටට කරන්නේ.
යකෝ මුන් තාම මනින්නේ එකම මිම්මෙන් නේ මේ රජය ඔයාලා හිතන විදිහේ එකක් නෙමෙයි වෙනස්
හරි හරී ගොඩ දාලා පෙන්නන්නකෝ...!