
(අංජුල මහික වීරරත්න)
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කොට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
යම් යම් පාර්ශව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමුවී තිබෙන බවද කාර්යාංශය කියයි.
බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අමාත්‍යවරයාකාර්යාංශයේ ඉහළ නිලධාරීන් හා අදාල ශ්‍රමිකයින් පිරිසක් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා අදාල තීරණයට එළඹ ඇත.
මෙම සාකච්ඡාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ‚ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී සේනානායක මහත්වරු ඇතුළු නිලධාරීහු ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
Susil Rajapakse Thursday, 21 November 2024 07:54 AM
මේක තනිකර මාෆියාවක්. ඕකට ඇතුලේ ඉන්න නිළධාරිනුත් සම්බන්දයි මම හිතන්නේ. ඔය වගේම තමයි ඊශ්‍රායල් යවන එකත් ජාවාරම්කාරයො මැදිහත්වෙලා ලක්ෂ 10ට 12ට යවන්නේ. මේ ගැන ඉක්මනින් අවධානය යොමු කළ යුතුයි.