ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසීය. 29 May 2024
කෝටි 23 අම්බර් කල්පිටියෙන් අල්ලයි රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයෙදී අද දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි. 29 May 2024
රිය අනතුරක් කළ අයි.පී.අත්අඩංගුවට කොළඹ නුවර මාර්ගයේ බීමත්ව යතුරුපැදියක් පදවාගෙන හෝටලයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු හප්පා තුවාල සිදුකර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයක ද ගැටීම සම්බන්ධයෙන් එම යතුරු පැදිය පදවාගෙන ගිය පොලිස් පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 29 May 2024
වැසි සුළං අඩු නොවන හැඩ සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 May 2024
බියගමට රෝහල් දෙකක් ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 29 May 2024
කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක් මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම් රාන් මොහොමඩ් කාසිම් නොහොත් කම්ජිපාණී ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (28) නියම කළේය. 29 May 2024
මන්ත්‍රී බංගලාව නරකාදියක්: කතානායකට පැමිණිල්ලක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා පැමිණිලි කර ඇත. 29 May 2024
නූතන පටාචාරාවක් කැබිතිගොල්ලෑවෙන් මගේ නිවෙසේ විදුලිය මාස හතරකට කලින් කැපුවා. සති තුනකට කලින් වතුරත් කැපුවා. කුලි කැඩ කර අප රැක බලාගත් සැමියා අනතුරකින් දින හතරකට පෙර මිය ගියා. අපි දැන් අපා දුක් විඳිනවා යැයි දරුවන් සිවු දෙනකු සමග අසරණව සිටින කැබිතිගොල්ලෑවේ මවක හැඬූ කඳුළින් යුතුව කීවාය. 29 May 2024
අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය. 28 May 2024
සරසවි අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසඳන්න කමිටුවක් විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 28 May 2024
පී.සී - කොස්තාපල් කසිප්පුවාගේ ගෙදර පාටියක් දාලා කසිප්පු ව්‍යාපාරිකයකුගේ බිංගිරිය ප්‍රදේශයේ නිවෙසට ගොස් කසිප්පු පානය කරමින් සිටියේයැයි කියන බිංගිරිය පොලිසියේ සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ පෙරේදා (27) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 28 May 2024
තීරණයක් ගන්න ඩයනාට කල් දෙයි සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් තමන් නෙරපීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යනවාද? ඉල්ලා අස්කර ගන්නවාද? යන්න තීරණය කිරීමට හිටපු රාජ්‍යඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට ජුලි 07 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ (28) කල් ලබා දුන්නේය. 28 May 2024
55 පිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණයක් විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 28 May 2024
පක්ෂයේ කටයුතු බාධාවකින් තොරව කරන්න පනවා තිබු වාරණය දිග් කරයි විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂයේ විධායක සභාව ගත් තීරණයට බාධා කිරීම සියලු පාර්ශව වලට වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය මගින් ලබා දී තිබූ වාරණ නියෝගය ලබන (31) දින දක්වා දීර්ඝ කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය අද (28) දින නියෝග කලාය. 28 May 2024
පාසල් සිසුන්ගේ පහර කා මියගිය පියාගේ සිරුර හොරෙන් උස්සලා වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව මියගිය අයගේ බිරිඳ වැලිපැන්න පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 28 May 2024
කාලගුණය හොඳ වන තුරු සහන දිගටම අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 28 May 2024
ගසක් වැටී කතක් මරු කහවත්ත ඕපාත වතුයායේ අංක තුන කොටසේ තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට මාරගසක් කඩා වැටීමෙන් ඵක් කාන්තාවක ඡීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කහවත්ත පොලීසිය කියයි. 28 May 2024
’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’ ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වවුනියාවේ දී පසුගියදා පැවසීය 28 May 2024
’’මැතිවරණ කල්දැමීම ප්රජාතන්ත්රවාදී නෑ’’ මැතිවරණ කල්දැමීම ප්රජාතන්ත්රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (28) පැවසීය. 28 May 2024
විජයදාසට තවත් වාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම, සහ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් වාරණ නිකුත් කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරි මාන්න මහතා අද (28) නියෝග කළේය. 28 May 2024
’’අගුලානේ කුඩු සනාගේ’’ කෝටි 30ක දේපල පවරා ගනියි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බන්ධනාගාර ගතව සිටින ’’අගුලානේ කුඩු සනා’’ නැමැත්තාට අයත් උපයා ගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට වැඩි වටිනා දේපල අධිකරණය නියෝග මත පවරා ගැනීමට කටයුතු කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් පිලිබද විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකය පවසයි 28 May 2024
හෝටලේ හිමිකරුගෙන් හිටපු ගෝලයාට මරණ තර්ජන තම හෝටලයෙන් ඉවත් වූ සේවකයෙකු පැහැරගෙන ගොස් මරණ තර්ජන කල බව කියන මහනුවර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. 28 May 2024
රටබීම හල් බලපත් දෙන සූදුවක් ක්‍රියාත්මකයි විවිධ වරදාන වරප්‍රසාද නිසා මත්පැන් බලපත්‍ර ලබා දෙන සූදුවක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවත් බලයට ඇති කෑදරකම නිසා දරුවන් ගැනවත් නොසිතා පාසල්, විහාරස්ථාන ඉදිරිපිට නිර්ලජ්ජිත ආකාරයට මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 May 2024
’’උද්ඝෝෂණය කරන්නේ කීයක් හරි හොයාගන්න’’ උද්ඝෝෂණය කරන ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 28 May 2024
’’වසර දෙකකට ඡන්දෙ එපා’’ තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා අද (28)පැවසීය. 28 May 2024
සම්බුදු තෙමඟුල කෙන්යාවේත් සමරයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ රාජකීය තායි තානාපති කාර්යාලය වෙසක් උත්සවය වෙනුවෙන් නයිරෝබි නුවරදී විශේෂ වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වීය. 28 May 2024
සිවිල් ක්රියාකාරිකයෝ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට පොල් ගසති බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට සිවිල් සංවිධාන නියෝජිතයන් කීපදෙනෙක් පැමිණීමෙන් උණුසුම් තත්වයක් අද (28) පෙරවරුවේ ඇති විය. 28 May 2024
ඩුබායි වෙසක් මහ ඉහළින් වෙසක් උත්සවය වෙනුවෙන් ඩුබායිහි අලෙයින් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් වෙසක් කලාපයක් පසුගිය 25 වැනිදා සංවිධානය කර තිබිණි. 28 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025