
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විශාල ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගුවන් යානය ඊයේ (02) කඩා වැටී ඇති බවත් කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනාගෙන් 8 දෙනෙකුට එම ස්ථානයේම ප්‍රතිකාර ලබාදී ඇති බවත් ඉතිරි 10 දෙනා රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. මියගිය පුද්ගලයන් කවුරුන්දැයි තවමත් හඳුනාගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd