සිවිල් ක්රියාකාරිකයෝ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට පොල් ගසති බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට සිවිල් සංවිධාන නියෝජිතයන් කීපදෙනෙක් පැමිණීමෙන් උණුසුම් තත්වයක් අද (28) පෙරවරුවේ ඇති විය. 28 May 2024
ඩුබායි වෙසක් මහ ඉහළින් වෙසක් උත්සවය වෙනුවෙන් ඩුබායිහි අලෙයින් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් වෙසක් කලාපයක් පසුගිය 25 වැනිදා සංවිධානය කර තිබිණි. 28 May 2024
බෝම්බ බියකින් ඉන්දීය ගුවන් යානයක් කැලඹේ නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගත්තේය. එම බෝම්බ බිය හේතුවෙන් ගුවන් ගමන අවලංගු කෙරුණි. 28 May 2024
’’ඔන්මැක්ස් ඩී.ටී.’’ මුදල් වසර දෙකකින් දෙනවා ’’ඔන්මැක්ස් ඩී.ටී.’’ නමැති පිරමීඩාකාර නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ සියලූම ගනුදෙනුකරුවන්ට වසර දෙකක් ඇතුළත එම මුදල් යළි ලබා දිය හැකි බව ආයතනයේ විත්තිකාර අධ්‍යක්ෂකවරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ සිය නීතිඥවරයා මගින් කරුණු දක්වමින් අද පැවසීය. 28 May 2024
ඕස්ට්‍රේලියාවේ ස්ටෝබෙරි ගමක් ලංකාවේ නුවරඑළියේ පිහිටි මෙරට ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 28 May 2024
අයි.එස්ලාට හවුල් අයියා මලෝ 2ක් හලාවතින් අල්ලයි අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේ යැයි කියන එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 28 May 2024
කාණුවක කාන්තා මළ සිරුරක් සීදූව , ලියනගේමුල්ල සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය අසල කාණුවක කාන්තා මළ සිරුරක් තිබී සොයාගත් බව සීදූව පොලීසිය කියයි. 28 May 2024
’’ලෝක පොල් සැසිය’’ ලංකාවට 2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 May 2024
පාදයක් වෙන් වූ සිරුරක් වඳුරව දුම්රිය ස්ථානය අසළ පාදයක් වෙන්වී බරපතළ ලෙස තුවාල සිදු වූ පුද්ගල මළ සිරුරක් වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන අතර වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී අද (28) පෙරවරුවේ සොයා ගත් අතර මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ තරමක් ප්‍රමාදයක් සිදු වූ බවද වේයන්ගොඩ පොලිසිය පවසයි. 28 May 2024
ආර්ථික පරිවර්තන පනතට උදව් දෙන තව පනත් දෙකක් සංශෝධනයට 2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්රතිතෝලන බදු පනත සහ 2018 අංක 3 දරන ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 May 2024
පෝර සමාගම් දෙක එකක් කර විශ්‍රාම වන්දි ගෙවයි සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාලව ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 May 2024
මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම මේ සතියේ ජනපතිට වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 28 May 2024
සමෘද්ධි බැංකු රජයේ විගණනයට සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම සඳහා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 May 2024
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හොයන්න කමිටුවක් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 May 2024
කලුතරට තද වැසි:ගම් කිහිපයකට එහා මෙහා යන්න අඟුල් කළුතර දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය නැවතත් සක්‍රීය වීමත් සමඟ කුකුලේ ගඟ බලාගාරයේ වාන්දොරටු දෙකක් විවෘත්ත කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ එම්. පී,එස් පෙරේරා මහතා සඳහන් කරයි. 28 May 2024
ජනපතිගේ නිවසට අරගල සමයේ ගිනි තැබූ අයෙක් මාට්ටු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව කිරන්තිඩිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්අත්අඩංගුවට ගනු ලැබ ඇත. 28 May 2024
ටෂී ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී මිය ගිහින් කළුතර කලමුල්ලේ ටෂි නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු හදිසියේ මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. 28 May 2024
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් වඳුරව සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. 28 May 2024
මත් ජාවාරම්කරුවන් සමඟ සිටි එස් අයි ඇතුළු පහක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි. 28 May 2024
වැසි-සුළං තවදුරටත් සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 May 2024
මහචාර්ය සුමනපාල ගල්මංගොඩ දිවි සැරිය නිමවයි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රකට විද්වතෙක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායන අංශයේ හිටපු අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත, සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත විය. 28 May 2024
ගෝල්ෆේස් කානිවල් අකුලා ගනියි දේශපාලන හයිය ලබාගත් කිසියම් කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය බව කියන විනෝද ක්‍රීඩා ඇතුළත් සැණකෙළිය (කානිවල් ) එහි සංවිධායකයන් විසින් අද (27) හදිසියේම නවතා දමනු ලැබ ඇත. 27 May 2024
කොටවිල දරුවා ඩී.එන්.ඒ පරීක්ෂාවකට උපන් හැටියේම දරුවකු මිය ගියැයි කියන සිද්ධිය සම්බන්දයෙන් වාහාම ඩී.එන්.ඒ පරීක්ෂයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද නියෝග කළේය. 27 May 2024
රනිල් ජනපති කළ යුතු බව උතුරු මන්ත්‍රී කියයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බව පවසමින් බොහෝ ජනාධිපතිවරු ධූරයට පැමිණියද එම කිසිවකු ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කළේ නැතැයි ද ආර්ථික අර්බුදයක් හමුවේ වුවද ජනාධිපති උතුරේ ජනතාවගේ බොහෝ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට කටයුතු කර තිබෙන්නේ යැයිද ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතා පැවසීය. 27 May 2024
හොර නිලධාරීන් හාරසීයක් නිදැල්ලේ රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. 27 May 2024
ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ් අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව කියන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු මාධ්‍ය කළමනාකරු ගෝභිනාත් සිවරාජා ජුනි මස 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලණ ගමගේ අද (27) නියෝග කළේය. 27 May 2024
ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක් අධික වර්ෂාවත් සමඟ ජල විදුලිබලාගාර ආශිත ජලාශ පිරීයෑමේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (27) පැවසීය. 27 May 2024
ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත බලන්න අවස්ථාවක් දිවයිනේ ප්‍රථම වරට සිදුහත් උපත ඒ ආර් තාක්ෂණය ඔස්සේ නැරඹීමේ අවස්ථාව බැතිමතුන්ට උදා වී තිබේ 27 May 2024
ඊලෝන් මස්ක්ලා පැමිණියහොත් ආර්ථිකයට ලොකු රුකුලක් ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 27 May 2024
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනක කාලය දිගු කරයි අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන - 2024/2025 සඳහා අයදුම්පත් භාර ගැනීම ජුනි මස 07 වන දා දක්වා දීර්ඝ කර ඇත. 27 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025