ගජමුතු විකුණන්න බැරි වේ රුපියල් කෝටි එකකයි ලක්ෂ 30 අලෙවි කිරිමට ගිය ගජ මුතු 03 ක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකාය කදවුර කියයි. 17 August 2024
සුළඟකින් පුත්තලමට බර හානි පුත්තලම ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාවත් සමග හමා ගිය සුළගින් විශාල ගොඩනැගිලි රැසකට අළාභ හානී සිදු වී ඇති බව පුත්තලම අපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි. 17 August 2024
ජනපති ශ්‍රී මහා බෝධිය වඳී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. 17 August 2024
හරකා ඇඟේ වැදි තරුණයෙක් මරුට වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසයි. 17 August 2024
බොරැල්ලේ පාරක් ගිලා බහී බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා අද දින සිට දින 20 ක කාලයක් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදුකිරීමට සැළසුම් කර ඇත. 17 August 2024
හොර සල්ලි මිටියක් අරන් රන් මාලයක් ගන්න ඇවිත් රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක ආ පුද්ගලයකු 5000 හොර නෝට්ටු 102 සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 August 2024
තරුණියකට අසැබි වීඩියෝ යවා අමාරුවේ වැටේ 23 හැවිරිදි අවිවාහක මුදල් අය කැමිවරියට වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇසැබි වීඩියෝ දසුන් යොමු කර අපහසුතාවයට පත් කළ 24 හැවිරිදි විකුණුම් උපදේශකවරයකු මොරටුව පෞද්ගලික සමාගමක් තුළදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි. 17 August 2024
මුදලාලි ගෝලයා ගැටුමින් ගෝලයා මරුට වෙළඳසල් හිමිකරුවකු සහ සේවකයකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙළෙන්සල් හිමිකරු දුන් පහරකින් සේවකයාට මිය ගොස් ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 17 August 2024
බය අපේක්ෂකයන්ට ලොකු ආරක්ෂාවක් ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇත. 17 August 2024
බුලත්සිංහල පහත් බිම් යට වේ කළුතර ප්‍රදේශයට ඇද ඇළෙන තද වර්ෂාව හේතුවෙන් අද (17) උදෑසන 6,30 ට කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග එහි බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. 17 August 2024
වතු නිවාස 17ක් ගිනි බත් වේ පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 17ක් විනාශයට පත්ව තිබේ. 17 August 2024
යුක්රේනයට උදව් කළ රුසියා නර්තන ශිල්පිනිය වසර 12ක් හිර ගෙට යුක්රේනයට ආධාර කරන පුණ්‍යායතනයකට ඩොලර් 51ක් පරිත්‍යාග කිරීමට වරදකරු වූ ආධුනික නර්තන ශිල්පිනී ක්සෙනියා කරෙලිනා රුසියානු අධිකරණයක් විසින් වසර 12 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේය. 17 August 2024
‘‘තාක්ෂණික විප්ලවයක් ඇති කරනවා‘‘ තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බව පොදු පෙරමුණු ජනාධිපති අපෙක්ෂක නාමල් රාජපක්ෂ මහතා දඹුල්ලේ දී පැවැසීය. 17 August 2024
දඹුල්ලේ කඩයක් ගින්නකට බිලි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටා තිබූ වෙළඳ සැලක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෙළඳ සල සම්පූර්ණයෙන්ම වනාස වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 17 August 2024
බස්නාහිරට - සබරගමුවට තද වැසි ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද දිනයේදී අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 17 August 2024
මාලඹේ සිසුවාට පහරදුන් එස්.අයිගේ වැඩ තහනම් මාලඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ නිපුන ධනුෂ්ක රාමනායක සිසුවා පැහැරගෙන ගොස් නිරුවත් කර පහරදීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ පයාගල පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරික්ෂකවරයාගේ රාජකාරී වැඩ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් තහනමට ලක්කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 17 August 2024
’’ජනපති වුණොත් රට ගොඩගන්නවා’’ රට ගොඩනැගීමේ ශක්තිමත්ම වැඩපිළිවෙළ සහ කණ්ඩායම සමග ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු රට ගොඩනැගීමේ ගමන ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී පැවසීය. 17 August 2024
රනිල්ට හයිය දෙන්න ගිය පොහොට්ටුවේ මන්ත්‍රීලා 92 දොට්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එ\ක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කරන ලදැයි පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය. 16 August 2024
ගුවන්තොටුපොළ සැප බස් සේවය ගැන මැකොට දන්වයි ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම සහ ප්‍රවාහන අමාත්‍යංශය එක්ව ආරම්භ කරන ලද සුඛෝපභෝගී බස් සේවාව වහා අත්හිටුවන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංගමය අද (16) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරමින් ඉල්ලීමක් කළේය. 16 August 2024
සජිත්ගේ සහාභාගීත්වයෙන් රැළි 100ක් ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ප්‍රධාන රැළි 100ක් දිවයින පුරා පැවැත්වේ. 16 August 2024
දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. 16 August 2024
වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක් වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය තත්වයක් බවත් අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය අප්‍රිකාව තුළ ව්‍යාප්තවීමට මෙන්ම අප්‍රිකාවෙන් පිටතට පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කළේය. 16 August 2024
මන්ත්‍රීලා ගිනි අවියට පස්ස ගහලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම නිල බලයෙන් හිමිවන පිස්තෝලයට අමතරව රිපීටර් අවියක්ද ලබාදීමට රජය තීරණය කර ඇතත් තවමත් ඒ සඳහා ඉල්ලුම් කර ඇත්තේ මන්ත්‍රීවරුන් දහයකටත් වඩා අඩු සංඛ්‍යාවක් බව වාර්තාවේ. 16 August 2024
අනුර මහානායක හිමිවරු බැහැදකියි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහ නායක වර්කාගොඩ ශ්‍රී ඥානරතන යන මහානායක හිමිවරු හමුවූහ. 16 August 2024
’’මම කාටවත් සහය දෙන්නෑ’’ මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. 16 August 2024
අලි සහිර් මවුලානා ජනපතිට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක්විය. 16 August 2024
බදුල්ල- කොළඹ දුම්රිය ධාවනය යථාතත්ත්වයට දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 16 August 2024
දිලිත්ගේ මංගල රැළිය හෙට සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන ප්රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය හෙට (17) සෙනසුරාදා යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 16 August 2024
වැරදුන කුරුමානමට දෙකක් සැකපිට හික්කඩුව හෝටලයක් අසලදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් දෙදෙනකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි. 16 August 2024
කුමාර වෙල්ගමත් ජනපතිට නවලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම මහතා ද ජනපතිට සහය දැක්වීම සඳහා සංධාන ගතවූ දේශපාලන පක්ෂ අතර සිටී. 16 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026