එළවලු මිල යළිත් ඉහළට වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති. 27 May 2024
ආර්ථික පරිවර්තන පනත ඉතා භයානකයි ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 27 May 2024
කොල්ලුපිටියේ වෙළඳ සංකීර්ණයක කොල්ලයක් කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකට ගිනි අවියක් රැගෙන කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමින් යුත් දුරකථන අඩංගු බෑගයක් ඊයේ (26) සවස කොල්ලකා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි 27 May 2024
කොළඹ-පුත්තලම දුම්රිය ධාවනය පෙර පරිදිම අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම නිසා ඇනහිට තිබූ කොළඹ හා පුත්තලම අතර දුම්රිය ධාවනය අද (27) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 27 May 2024
රජයේ ඉඩම් හතරක් යොෂිඩා පදනමට දෙයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති හතරක යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පවරා තිබේ. 27 May 2024
මන්ත්‍රී සබ්රිට විරෝධයක් ඉඩම් ගැටළුක් සොයා බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විරසේකර මහතාගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පාමින් ප්‍රාදේශීය ලේකම්කාර්යාල සේවකයන් අද දහවල් කෑම පැයේ නිහඩ විරෝධයක නිරත වූහ. 27 May 2024
වවුනියාවටත් නෙදර්ලන්තයෙන් ලොකු තෑග්ගක් නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 27 May 2024
පැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙලින් එක්සත් ජාතීන්ගේ 24වන ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට පැරීසියේ ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන් ඇතුලත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන කොට විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක් ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 23 වෙනි වෙසක් පුන් පොහෝය දාා පැරීසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත් විණි. 27 May 2024
තාබුගලට ඇප හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(27) නියෝග කළාය. 27 May 2024
ගුරුවරු ඉල්ලා මව්පියෝ සිසුහු පාරට බසිති කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාල ජාතික පාසලේ දිගු කලක සිට පවතින ගුරු හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලා සිසූහු හා මව්පියෝ අද (27) පෙරවරැවේ ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගය මොල්ලිපොතාන මංසන්ධියෙන් හරස් කර විරෝධතාවයක නියැලුණහ. 27 May 2024
’’ උරුමය’’ යනු විශාලම පෞද්ගලීකරණයයි උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 May 2024
ජනපතිවරණෙට මුහුණ දෙන්න ලොකු හවුලක් එයි ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත රැසක් සමගින් ‘විවේචන වෙනුවට විසඳුම්, පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක්’ යන තේමාව යටතේ ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් අද (27) පිහිටුවීය. 27 May 2024
හිස තුවාල වූ තරුණයකුගේ සිරුරක් දුම්රිය මාර්ගය අසළ හිසේ තුවාල සහිතව මරණයට පත් වූ තරුණයකුගේ සිරුරක් මීරිගම විජය රජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිලිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී අද (27) සොයා ගත් බව මීරිගම පොලීසිය පවසයි . 27 May 2024
අමරවීර ප්‍රංශයට යයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගියේය. 27 May 2024
වැලිගම වෙඩි තැබීමක් මාතර ,වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විදුහල අසල අද(27) වෙඩිතැබිමක් සිදුව ඇතැයි පොලීසිය කියයි. 27 May 2024
ගෝල්ෆේස් එකේ බලෙන් කානිවල් දාලා කොළඹ ගාලුමුවදොර පිටියේ ආගමික කටයුත්තක් හැරෙන්නට වෙනත් උත්සව සංවිධාන කිරීම තහනම් කර තිබියදී දේශපාලන හයිය ලබාගත් කිසියම් කණ්ඩායමක් බලහත්කාරයෙන් විනෝද ක්‍රීඩා ඇතුළත් සැණකෙළියක් ( කානිවල්) එහි පවත්වමින් සිටින බව වරාය ආරංචි මාර්ගවලින් පැවසේ. 27 May 2024
ශ්‍රී ලංකා ටෙනිස් අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම කටුනායකට නේපාලයේ පැවති දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 27 May 2024
රජයේ වාහන 5000ක් අතුරුදන් රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ. 27 May 2024
මියන්මාරයේ -රුසියාවේ සිරවී සිටින ලාංකිකයින් බේරාගන්න කණ්ඩායමක් පිටත්ව යති මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ - තරුණියන් 49 දෙනා සහ රුසියානු - යුක්රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු අද(27) දින 10 ක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගියහ. 27 May 2024
සුළං තව දුරටත් : වැසි විටින් විට නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 May 2024
කෝටි පහක කුඩු සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 27 May 2024
කොටවිල් දරුවා වික්කාද? මරුණාද? තම කුළුඳුල් දරුවා ඉපදුණ පසු තමන්ට නොපෙන්වා පැය කීපයකට පසු දරුවා මියගිය බව රෝහල් බලධාරීන් පැවැසූ බවත් එය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බවත් වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුවේ 23 හැවිරිදි මවක් හඬා වැලපෙමින් පැවසුවාය 27 May 2024
කලු තුෂාරගේ පුතා පිස්තෝලයක් එක්ක හෝටලයකදී කොටුවෙලා හිටපු පාතාල කල්ලි සාමාජිකයකු වූ කලු තුෂාර නමැත්තාගේ පුත්‍රයා බව කියන තරුණයකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් සමග පෙරේදා (25) රාත්‍රි මාතර පික්වැල්ල ප්‍රදේශයේ හෝටලයකදී ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්ඨාසය පවසයි. 27 May 2024
මන්ත්‍රී සබ්රිගෙන් ප්‍රා.ලේට තගක් පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ 26 පස්වරුවෙ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු සිය ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත. 27 May 2024
ඝාතනයකට හිටපු සෙබලෙක් අල්ලයි දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන හිටපු යුධ හමුදා සෙබළකු අද ( 26 )සවස හෙරොයින් මිලිග්‍රෑම් 3410 ක්ද සමගින් බෙන්තොටදී සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි. 26 May 2024
බාල බෙහෙත්වල කැරපොතු කොටස් - වීදුරුකෑලිත් තිබිලා මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 26 May 2024
කුඩු හඳයා එස්.අයි සපා කාලා ඊසි කෑස් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන හඳයා නමැත්තකු අල්ලා පරීක්ෂා තිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයතුගේ අතක ඇඟිල්ලක් සපා කා තුවාල කර සැකකරු අසල තිබූ ඇළකට පැන පලා ගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසයි. 26 May 2024
ටෙල් අවීව් නුවරට රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය. 26 May 2024
පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 26 May 2024
රාජසිංහ රජු සසුනට පූජා කළ බුද්ධ ප්‍රතිමාව උස්සලා ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු බුද්ධ ශාසනයට පූජා කළ බව කියන අඩි 3 ක් පමණ උස පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට විදේශිකයකුට විකිණීමට සූදානම්වූ යකැදුරෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය. 26 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025