
(ගයාන් සූරියආරච්චි)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අතර නිල හමුවක් අද (2) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.
මෙහිදී සමුද්‍රීය ආරක්‍ෂාව සහ ජාතික කර්තව්‍යන්හීදී නාවික හමුදාවේ දායකත්වය ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අදහස් හුවමාරුවක් සිදු කෙරුණි.
නාවික හමුදාපතිවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ ප්‍රථම නිල හමුවීම සනිටුහන් කරමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට සමරු තිළණයක් ප්‍රදානය කිරීමද එහිදි සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd