
දේශපාලඥයෙක් මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අද (2) අභාවප්‍රාප්ත විය.
සූරියප්පෙරුම මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 96 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්සයේ දැදිගම සංවිධායක ලෙස ද කලක් කටයුතු කළ ඒ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස 2010 සිට 2015 දක්වා කාලයේ කටයුතු කළේය.
විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් වූ සූරියප්පෙරුම මහතා රූපවාහිනි වැඩසටහන්වලට සහ සංවාදවලට සහභාගි වෙමින් ජනප්‍රිය විය. ඒ මහතා පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකිකයන් දැනුමෙන් පෝෂණය කිරීමට කටයුතු කළේය.
(යොහාන් භාසුර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑම දක්ෂ මනුස්සයකු වූ ඔබේ දිවි සැරියට සුභ ගමන්
අවසන් කටයුතු 4 වන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. දේහය හෙට සවස 6 පමණ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.
එවකට පැවතී ආසන මට්ටමෙන් වූ මහා මැතිවරණ වලදී විටෙක සිරිමාවෝ මැතිනියට විරුද්ධවත් තවත් විටෙක ඩඩ්ලි සේනානායක මහතා ට විරුද්ධවත් තරඟ කළා .
එතුමා ජංගම පුස්තකාලය. දේශීය ආහාරවලින් ජනතාවගේ පෝෂණය නංවාලීමට නිතර උනන්දුකරවූ සැබෑ වියතෙක්දක්ෂයෙක්.ගුරුවරයෙක්
ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා