IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


මොරටුව වෛද්‍ය සිසුන්ට මහාචාර්ය ඒකකයක්

(නිමල කොඩිතුවක්කු)

මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීම සඳහා කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඊට අවශ්‍ය සංවර්ධන කටයුතු` කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ සහ කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මුල්කර ගනිමින් කඩිනමින් සිදුකරන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.

මොරටුව විශ්ව විද්‍යොලයට අනුබද්ධ වෛද්‍ය පීඨය මේ වන විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් සඳහා මහාචාර්ය පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් නොමැතිවිම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, මහා භාණ්ඩාගාරය, මොරටුව විශ්ව විද්‍යාලය ඇතුලු ආයතන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මෙම පියවර ගෙන තිබේ.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තියන් 1000 කට අධික පිරිසක් පුහුණුකර මෙරට සෞඛ්‍ය සේවාවට එක් කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවලක් කඩිනමින් සකස් කරන්නැයිද අමාත්‍යවරයා එහිදි උපදෙස් දුන්නේය.

 



අදහස් (3)

මොරටුව වෛද්‍ය සිසුන්ට මහාචාර්ය ඒකකයක්

Perera Thursday, 02 January 2025 08:45 PM

අති විශ්ෂ්ඨයි ඇමැතිතුමනි...!

:       3       12

nimesh Friday, 03 January 2025 08:07 AM

ඕනෑම එකක් පටන් ගන්නකොට ප්‍රශ්න තියෙනව. මොර‍ටුව වෛද්‍ය පීඨය පටන් ගන්නකොටත් එහෙමයි. හැබැයි රජයේ වෛද්‍ය විද්‍යාල වල කුහක පිරිස පුද්ගලික වෛද්‍ය පීඨ පටන් ගන්නකොටම උද්ඝෝෂණ කරනව ඒවා වහන්න ඕනි, ඒවයේ ප්‍රමිතිය නැ කියල. ප්‍රමිතිය නැත්තම් වෙන්න ඕනි ඒව ප්‍රමිතියට ගන්න උදව් කරන එක. එහෙම බැලුවොත් දැනට අඩුපාඩු සහිතව පවත්වාගෙන යන රජයේ වෛද්‍ය පීඨත් වහන්න කියල කියන්න එපැයි. එතන තියෙන්නෙ තනිකරම කුහක කම

:       0       12

Chinthana Friday, 03 January 2025 10:14 AM

මොරටුව විශ්වවිද්‍යාලයට දෙන්නේ කළුතර රෝහලද ?නෙවිල් ප්‍රනාන්දු රෝහලද ?රෝහල් දෙකමද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාමයට
2025 මැයි මස 03 229 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය


ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 330 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 1222 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 504 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 1370 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 589 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 563 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site