IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි

(රෝෂන් තුෂාර)

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන් අමරසේන මහතා නියෝග කළේය.

සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීී පොලිසිය අධිකරණයේ පෙනී නොසිටීම ඇතුළු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු නිදහස් කිරීමට නියෝග කළේය.

අයිස් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන සැකයට සැකකරු පසුගිය නොවැම්බර් 24 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට පත්වීමෙන් පසුව රැඳවුම් භාරයේද සිට ඇති අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කිසිදු පොලිස් නිලධාරියකු අධිකරණයෙ පෙනී සිටීනු දක්නට නොලැබිණ.

එම අවස්ථාවේදී විමර්ශන ගොනුව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ ගොනුවට සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් නොකිරීම , අත්අඩංගුව ගත් නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යොමු නොකිරීම සම්බන්ධයෙන් සටහනක් පැමිණිලි ගොනුවෙ නොමැති බව නිරීක්ෂණය කළේය.

සැකකරුවන්ට එරෙහිව පැමිණිල්ල පියවර නොගන්නේ නම් සාක්ෂි නොමැති සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයට නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු නිදහස් කරන බවට නියෝග කළේය.

අදාල නඩු කටයුත්තෙන් සැකකරු නිදහස් කළද සැකකරුට එරෙහිව තවත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවත් නඩු ගණනාවක් පවතිනි බැවින් තවදුරටත් ඔහු රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බව බන්ධනාගාර නිලධාරියෙක් එසැන සමග පැවසීය.

 



අදහස් (3)

පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි

පිටරටවැසියා Thursday, 02 January 2025 09:39 PM

පොලිස්පති, පොලිස් කොමිසම, පොලිස් ඇමැති, මෙවැනි අකාර්යයක්ෂම නිලධාරීන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාස කරමි. රටකාපු හොරු අල්ලුවාමත් ප්‍රතිඵලය මෙවැනි දෙයක් නොවේවා...!

:       0       11

Ahmed (Gulf) Friday, 03 January 2025 12:20 AM

පොලිසිය හොඳට ජරාව කාලා වගෙයි

:       0       9

Perera Friday, 03 January 2025 09:09 AM

පොලිසිය නොපමීනි සිටින්න හොඳ ගාණක් කඩාගන්න ඇති සැක කාරයන්ගෙන්

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site