(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත කදවුරැ නොපවත්වා කුඨ ලේඛණ ඉදිරිපත් කරමින් රැපියල් ලක්ෂ හයකට අධික මුදලක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට විරුද්ධව උතුරැ මැද පළාතේ ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකාර මහතා විනය පරික්ෂණයක් ආරම්භ කළේය.
මේ සම්බන්ධයෙන් චෝදනා පහක් සහිත චෝදනා පත්‍රයක් උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකාර මහතා විසින් අංක NCP/CS/ED/15/111/2/40 හා 2024.07.16 දිනැති ආවරණ ලිපිය සමග අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට විරුද්ධව ගොණු කොට තිබේ.
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක මධ්‍යස්ථාන 30 කදි අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂයේ ප්‍රතිඵල ඉහළ නැංවිමේ අරමුණින් නවීකරණ ව්‍යාපාතියේ යටතේ 2022.10.17 දින සිට 2022.10.26 දින දක්වා ගණිත කදවුරු පැවැත්විමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැළසුම් කෙට තිබුණි.
එහෙත් සැළසුම් කළ පරිදි අදාල කාල සිමාව තුළ මෙම ගණිත කදවුරු පාසල් 14 ක පමණක් පවත්වා අනෙක් පාසල් 14 කද පැවැත්වු බවට ව්‍යාජ ලේඛන ඉදරිපත් කොට මුදල් අවභාවිතා කිරිම බරපතල වරදක් බවද ප්‍රධාන ලේකම්වරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියට යවන ලද චෝදනා පත්‍රයේ සදහන්ය.
මෙම ගණිත කදවුර පැවැත්විම සදහා අවශ්‍යව තිබු කාර්ය පත්‍රික මුද්‍රණය කළ බවට ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කොට රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක්ද අවභාවිතා කොට ඇති බවටත් ප්‍රධාන ලේකම්වරයාගේ චෝදනා පත්‍රයේ සදහන් කොට තිබේ.
මීට අමතරව මෙම ගණිත කදවුරු පැවැත්වමට සම්පත් දායකත්වය ලබාදුන් ගුරුවරුන්ට හා අධික්ෂණ නිලධාරින්ට දිමනා ලබාදුන් බවට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කොට ඇති බවත් ප්‍රධාන ලේකම්වරයාගේ චෝදනා පත්‍රයේ සදහන්ය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උතුරු මැද කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා
රුවන් Friday, 03 January 2025 01:07 PM
දේශපාලුවන්ට වඩා හොරනේ මේ රාජ්‍ය සේවකයන්
Dharmasena Friday, 03 January 2025 05:45 PM
උනුත් එකයි, මුනුත් එකයි කිව්වාට අවුරුදු 76 ක් රට කෑවේ රාජ්‍ය නිලධාරින් තමයි...
Indeesha udayakantha wijekoon Saturday, 04 January 2025 02:36 PM
ඉතාමත් කැපවීමෙන් වැඩකරන දක්ෂ zonal director කෙනෙක්...
Krishanthi Saturday, 04 January 2025 05:11 PM
කැපවීමෙන් වැඩ කරන නිසයි මේ...
Chandima Fernando Saturday, 04 January 2025 09:09 PM
සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරකි. මෙම වරදට අනුරාධපුර කලාප අධ්‍යක්ෂ තුමිය කිසිසේත්ම සම්බන්ධ නොවූ බව කලාපයේ සියලුම විදුහල්පතිවරු ගුරුවරු වන අපි දනිමු.