
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකොටුව පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණය ආපනශාලාවකින් ඇනවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසිදු කාරක අඩංගු බෝතලයක් ලබාදීමෙන් අනතුරුව එය පානය කල තරුණියක රෝගාතුර වී රෝහල් ගත කළ බවවේල්ල වීදිය පොලිසිය කියයි
ඒ සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන් තිදෙනෙකු සහ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සේවකයන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ ගත් බව පොලිසියය කියයි
එම ආපන ශාලාව තුළ තිබී තවත් හිස් පැණි බීම බෝතල් වල බහා තිබූ පිරිසිදු කාරක දියර අඩංගු බෝතල් දෙකක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් හිතුව ආපන ශාලාවට සිල් තියල සේවකයන්වත් අත්අඩංගුවට අරන් වෙන රටක නං එහෙමයි
ආහාර පාන වර්ග විකුණන සමහර කඩවල් වල වල්නාශක වැනි ශරීරයට අහිතකර දේවලුත් විකුණනවා... හරිනම් ආහාර පාන වගේ දේවල් විකුණන ස්ථාන වල එවැනි දේවල් සිදුවිය නොහැකිය... මේවාට වග කිව යුතු ආයතන වල නිලධාරීන් නිදි
මොන්ගල් කෙල්ලෙක්ද බොන්න කටට දාගත්ත ගමන්ම ගිලින්න.රසයවත් නොබල ...