
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී අද (3) නව වසරේ වැඩ ඇරැඹීය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නිලධාරීහුද හිටපු සහ වත්මන් රාජ්‍ය නිලධාරීහුද පාක්ෂිකයෝද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා සාම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව කැවුම් කිරිබත් සංග්‍රහයකටද සහභාගී විය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙසතියක ඉන්දීය සංචාරයකින් අනතුරුව ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි...!
මුන්නැහැට සී.අයි.ඩි.යට යන්න විතරයි කකුල් කඩිත්තුව...
රටේ ජනතාව විසින් කිහිප සැරයක්ම ප්‍රතික්ෂේප කරලා ගෙදරටම ගාල් කළාට පස්සේ, දැන් අරඹන්න තියෙන වැඩේ මොකක්ද? කොටින්ම පිනට ලැබුණු මන්ත්‍රී පට්ටම් දෙකටවත් ඵල ඇති වැඩක් කරගන්න පිනක් නැති වුණානේ...
රනිල් යනු කවරෙකු දැයි කිසි දිනෙක තේරුම් නොගත් ජනතාවක් වසන, වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරී ඉතිරී ගිය සමාජයකට, වැඩිකල් නොගොස් එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවනු ඇත. ජ.වි.පෙ සහ එන්.පී.පී වහලුන් ඔබව තව තවත් අන් දා රට අඳුරටම හෙලනු ඇත. සුබ ආරම්භයක් සමග සුබ නව වසරක් වේවා...!
කිරිබත් හදන්න හාල් තිබුණැයි ඉතිං...!
මෙය අසාර්ථක බවේ පරිසමාප්තිය... පිට පිට පැරැදුණු ඡන්ද සංඛ්‍යාව ලෝක වාර්තාවක් බවට නොඅනුමානයි.