
(රෝෂන් තුෂාර)
කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පල කලේ යැයි අත් අඩංගුවට පත් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද(03) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරු බටගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දී අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .
කාන්තාවකට ලිංගික හිංසනයක් කිරීමේ චේතනාවෙන් අපහාසාත්මක පෝස්ටු පළ කරමින් දණ්ඩ නිති සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇති බවටපවසමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය
රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙවන් කටයුතු ඉදිරියේදී නොකරන ලෙසට තරයේ අවවාද කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඇප දෙන්න එපා...!
මැක්කෝ රෑ දාවල් නොබලා වැඩ කරති.
එතකොට ඒ මන්ත්‍රිනී කරපු අපහාස ප්‍රකාශ ගැන කටයුතු කරන්න ඕනේ ඊළඟ ආණ්ඩුවෙන්ද? එයා හැමෝටම හොරා හොරා කියලා බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලත් කිව්වා.
කාන්තාවක් තියාගෙන හිටපු කෙනා, කොහොමද ගෙවල් හැදුවේ කියලා වත්කම්, බැරකම් පරීක්ෂා කරන්න.