IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක්

(යොහාන් භාසුර)

වර්තමාන රජයට අධ්‍යාපනය ඉතා වැදගත් විෂයක් ලෙස සළකමින් විශේෂ අවධානයක් සහ  ප්‍රමුඛතාවයක් දෙන බවත් පුනරුද යුගයක්  වෙනුවෙන් පරිවර්තනයන් කිරීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

පළාත් අධ්‍යාපන ප්‍රධානීන්  සමග අරලියගහ මන්දිරයේදී  පැවති හමුවකදී  අග්‍රාමාත්‍යවරිය එසේ කියා සිටියාය.

පරිවර්ථනයක් සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය වන ප්‍රධානම තැන අධ්‍යාපනය බවත් ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.

අධ්‍යාපනය වැනි සංවේදී මාතෘකාවක එවැනි පරිවර්තනයක් වෙද්දී අනිවාර්යයෙන්ම එකඟතාවයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු නොකළ හොත් අර්බූදයක් වීමට ඉඩ ඇති බවත්  පොදු විභාග ක්‍රමය යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බවත් ඇය සඳහන් කළාය.

පළාතෙන් පළාතට වෙනස් අවශ්‍යතා තිබිය හැකිවුවද ප්‍රතිපත්ති අතර ලොකු පරස්පරයක් තිබිය නොහැකි නිසා ප්‍රතිපත්ති  මට්ටමේ තීන්දු තීරණ ගද්දී ජාතික මට්ටමේ ප්‍රතිපත්තියට අනුකූලව වැඩ කිරීමට සිදුවන බවත් පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන ලෙස ජනතාවගේ  ඉල්ලීමක් ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

 එමගින් දරුවන්ට පීඩනයක් ඇති කරනවා යැයි පවසුණ ද එවැනි තීරණයක් ගැනීමට පෙර  පහේ ශිෂ්‍යත්වය ආරම්භ කිරීමට හේතුවට අවදානය යොමුකළ යුතු බවත් පාසල් අතර පරතරය එයට හේතුවක් බවට පත්ව තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට නම් පාසල් අතර පරතරය නැති කළ යුතු බවත්ය.

මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරු,  පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (4)

රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක්

Damitha Friday, 03 January 2025 05:37 PM

යසයි ටියුෂන් පප්පලාට....

:       4       4

Bandara Friday, 03 January 2025 08:50 PM

මෙව්වා ඉතින් මේ කපේට වෙන වැඩ නෙවෙයි.

:       0       3

සෙනෙවි Saturday, 04 January 2025 10:35 AM

ශිෂ්‍යත්ව විභාගය ඕනේ මේ රටේ ඇති විෂම අධ්‍යාපන ක්‍රමය නිසයි. අද කාලේ රස්සාවකට ගියත් මුලින් අහන්නේ ඉස්කෝලේ මොකක්ද කියලා. ජනප්‍රිය පාසලකට ගියා නම් සමාජයේ අවස්ථා වැඩයි. ඒ දරුවන්ට පහසුකමුත් වැඩියි... රටේ බහුතරයක් පාසල්වලට වඩා. ඒ නිසා මෙම පද්ධතිය ක්‍රමිකව සමාන කළ යුතුයි...!

:       0       0

Toni Saturday, 04 January 2025 05:38 PM

එතකොට ඔච්චර රෙදි නැතිව කඩේ ගිය ටියුෂන් කාරයින් ටික... තවත් බොරු වපුරන්න එපා... දැන් ඇති...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 832 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 564 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 326 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 341 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 844 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 405 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 74 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site