
(උපුල් හේරත්)
ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ නිලධාරීන් දෙදෙනකු රුපියල් මිලියන හතරකට ආසන්න මුදලක් මිහින්තලේ ගොවිජන බැංකුවෙන් අවභාවිතා කර ඇති බව ගොවි සංවිධාන ලේකම්වරයකු සංදේශයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළේය.
මෙලෙස මුදල් අවභාවිතා කළේ යැයි කියනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයකු ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිවරයකු සහ මිහින්තලේ ගොවිජන සේවා කාර්යාලයේ ලිපි කාරණීයක වන බව සංදේශයේ සඳහන් වේ.
මෙලෙස මිහින්තලේ සංවර්ධන සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කර සිටිනුයේ මිහින්තලේ බෝගහයාය, ගොවි සංවිධානයේ ලේකම් එමි.කේ.පද්මසිරි නමැත්තෙකි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ල ඉදිරිපත් කරපු කෙනාගේ නම දාලා, වාසගමත් එක්කම. හොරකම් කළ අයගේ නම්නේ...
ඒ අයට නම් නැද්ද? නැත්තන් ඉස්සර වගේ බීප්..බීප් ද?
මේක තමයි කියන්නේ. අප සියලු දෙනාම හෘද සාක්ෂියට අනුව වැඩ කළ යුතුයි. ඒකයි වගවීම. CLEAN SRI LANKA වලත් එක අරමුණක්...
ඕවා එළියට එනවාට බයේ තමයි මේ රජයට අවලාද නගන්නේ. ඒක නිසා මොවුන්ට කඹුරන්න එපා. මොවුන් කෑවේ දුප්පතුන්ගේ ධනය. නොවරදවාම දඬුවම් ලැබේවි..!
ඕක මොකක්ද, හිටපු ඇමැතිතුමා දවසේ කැසිනෝ වියදම හොයාගෙනනේ...
කවුද මේ.. චන්ද්‍රසේනද? දුමින්දද? කවුරු වුණත් දෙන්නම හොරු තමයි.