(අංජුල මහික වීරරත්න)
මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000 ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය.
ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද මීට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd