වටරැක එක්දරු මවගේ ඝාතකයා කොටුවෙයි පාදුක්ක වටරැක ප්‍රදේශයේ 65 හැවිරිදි එක්දරු මවක ඝාතනය කර පලා ගිය සැකකරු අදාල නිවසට කිලෝමීටරයක් පමණ දුර නිවසක සැඟව සිටියදී අද (30) අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 30 May 2024
සජිත්ගේ අවසන් නිවේදනය ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බියවී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුළු පිරිසක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 30 May 2024
රටබීම සැලක කළමනාකරු ඝාතනය කරලා බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවි සැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. 30 May 2024
කලුතර බන්ධනාගාරයේ සිරකරුවෙක් පැන ගිහින් මත්කුඩු සම්බන්ධ නඩුවකට දඩුවම් නියමව කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවාසිටි සිරකරුවෙක් අද (30) පස්වරුවේ පලාගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 30 May 2024
විදුලිබල මණ්ඩලයේ නාස්තියක් ගැන වෘත්තීකයන්ගෙන් චෝදනා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්ෂ 500ක් හෙවත් රුපියල් කෝටි 5ක් වැය කරමින් නොරොච්චෝලේ විදුලිබලාගාරයට ට්‍රාන්ස්ෆෝමර් පරීක්ෂණ යන්ත්‍රයක් ඉතාලියෙන් මිලදීගැනීමට සූදානම් වන බවත් විදුලිබල මණ්ඩලය සතුව එම පරීක්ෂණ යන්ත්‍ර කීපයක්ම තිබීම නිසා නව යන්ත්‍රයක් මිලදීගැනීම මුදල් නාස්තියක් බවත් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි. 30 May 2024
අස්වැසුම අක්‍රමිකතා නිලධාරීන්ට මුදල් කමිටුවෙන් දොස් අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය පලවිය. 30 May 2024
නඩත්තු නැති තේ වතුවල ගිවිසුම අවසන් කරයි නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය. 30 May 2024
රනිල්ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 30 May 2024
අධිකරණ ඇමති චීනය සමඟ ගිවිසුමක චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඒ වෙනුවෙන් වු පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. 30 May 2024
සරසවි අනධ්‍යයන සේවකයෝ විරෝධතාවක විශ්වවිද්‍යාල අධ්‍යයන සේවකයන් වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සමගාමීව කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්රතිපාදනය කොමිසන් සභාව ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (30) විරෝධතාවක නිරත වූහ. 30 May 2024
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. 30 May 2024
ක්‍රීඩා සංගම් 4ක් අත්හිටුවයි ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික ක්‍රීඩා සංගම් හතරක සාමාජිකත්වය වාහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 30 May 2024
ජනපති ඡන්දය නියමිත දිනට පවත්වනවා ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 30 May 2024
විදුලි පනත විවාදය හය ශ්‍රී ලංකාව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 30 May 2024
’’රට දෙපයින් නැඟී සිටියා පමණයි’’ රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 May 2024
ගසක් කඩා වැටී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (30) උදෑසන කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 30 May 2024
ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කරනු ලැබීය. 30 May 2024
වැසි සුළං දිගටම සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 May 2024
බේබද්දෙක් මගීනුත් එක්ක ගලේවෙලදී බසයක් පැහැරගෙන පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 30 May 2024
ලංකාදීප පුවතින් කැබිගොල්ලෑවේ මවට ආධාර ’’කැබිතිගොල්ලෑවෙන් පටාචාර කතාවක්’’ යන මැයෙන් ’’ලංකාදීප’’ පුවත්පතේ පළ වූ පුවත දැක දානපතීන් උදව් කිරීම නිසා විදුලි බිල හා වතුර බිලට අදාළ හිග මුදලවන රුපියල් අසූදහස් හත්සිය පනහ ගෙවා දැමීමෙන් පසු ඒ මොහොතේ ම ජලය දුන් බව ස්වාමියා අහිමි කැබිතිගොල්ලෑව පදවිය පාරේ පදිංචිව සිටින පී. අනුරාධා ස්වර්ණමාලී කීර්තිරත්න (33) සිවු දරු මව පවසන්නීය. 30 May 2024
පුංචි දරුවන් ගෙදර දමා තහනම් ගහේ ගෙඩි කන්න ගිය මව කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා හොර රහසේ ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි කුරුණෑගල කුඹුක්ගැටේ පොලිසිය පවසයි. 30 May 2024
ගත්ත බාර් ආපසු දෙනු-සජිත් රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත්තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ නායකයන් වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. 30 May 2024
මිදිගම රුවන් අද දිවයිනට රැගෙන එයි පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය කියයි. 30 May 2024
ඉන්දු පාකිස්තාන තරගයට IS තර්ජන ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 30 May 2024
අන්තවාදය ගැන බොරු කිවැයි අත්අඩංගුවට ගත් ආචාර්යවරයාට ඇප අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතා ලක්ෂ 10 ක ශරිරී ඇපයක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 29 May 2024
තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමගි ජන බලවේගය සමග පෙරේදා (28දා) එක් වූහ. 29 May 2024
පාසල් නේවාසිකාගාරය වධකාගාරයක් කළ පාලිකාව අල්ලයි යාපනය කයිට්ස් ප්‍ර දේශයේ කාන්තා පාසලකට අයත් නේවාසිකාගාරයේ රැදී සිටි දැරියන් 8 දෙනකුට පහරදී හිරිහැර කළ බව කියන පාලිකාවක අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි. 29 May 2024
වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම් කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (29)නිකුත් කළේය. 29 May 2024
දොස්තරල නැතිව රෝහල් වැඩ අඩපණයි ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 29 May 2024
විදෙස් කතගේ දේපල කොල්ලකාලා ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20000ක පමණ වටිනා දේපල අඩංගු බෑගයක් කිසිවකු විසින් පිටකොටුව බැස්ටියෙන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගෙන ගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 29 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025