ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සැකකාරියක ඇතුලු සැකකරුවන් 11දෙනා අද (20) දින අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස දෙවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 20 August 2024
‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ගැටලුවක් නෑ ජනාධිපතිවරණයට ස්වාධීන අපේජෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලකුණ ලෙස ඉදිරිපත් කර ඇති ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය. 20 August 2024
ඉන්දියාවෙන් ගෙන්වූ ඉඟුරු සමඟ අයෙක් දැලේ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ අමු ඉඟුරු කිලෝ 519 ග්‍රෑම් 750 සමඟ සැකකරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 20 August 2024
නිධන් හැරූ චීවරධාරියා ඇතුළු 7ක් අල්ලයි මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි. 20 August 2024
මව් කිරි සිරවී බිලිදිය මරුට යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි සිරවීමෙන් මාස තුනහමාරක පමණ බිලිදියක් මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය පවසයි. 20 August 2024
ජනපති දළදා පෙරහර නරඹයි මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරේ ෙ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනතාව සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විය. 20 August 2024
මව අතින් දරුවාට වෙඩි වදී සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේදී නිවසකදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි . 20 August 2024
නාමල් අගරදගුරු තුමන් හමුවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා කොළඹ අගරදගුරු නිවසට ගොස් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මුණ ගැසුණේය. 20 August 2024
ඊශ්‍රායලය සහ හමාස් අතර සාමයට අවසන් උත්සහාය දරයි ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීම සඳහා වොෂින්ටනය දරන උත්සාහය ඒ සඳහා ඇති හොඳම මෙන්ම අවසාන අවස්ථාව විය හැකි බව ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊයේ(19) ප්‍රකාශ කළේය. 20 August 2024
ප්‍රදේශ කිහිපයකට මි.මි 100 ඉක්ම වූ වැසි බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 August 2024
ඡන්දේ වියදම් සීමාකර ගැසට්ටුවක් 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි. 20 August 2024
වඳුරු උණ මරණ 548 දක්වා ඉහළට වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 20 August 2024
සුඛෝපබෝගී යාත්‍රාවක් අනතුරේ ඉතාලියේ, සිසිලි දූපත් ආශ්රිත මුහුදේ සුඛෝපභෝගී රුවල් යාත්‍රාවත් පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත්කිහිප දෙනකු අතුරුදන් බව පැවැසිණි. බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික මයික් ලින්ච් ද අතුරදන් වූ පිරිස අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 August 2024
පෙරහර බලන්න ආ අයට සෞඛ්‍ය ප්‍රශ්නයක් මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති. 19 August 2024
අනුර අටමස්ථානයට ජාතික ජන බලවේගයේ ජනපති ධූර අපක්ෂක කරන අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පස්වරුවේ අමටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. 19 August 2024
දුප්පත්කම නැති කරන්න වැඩසටහන් ක්‍රියාවට නංවනවා දුප්පත්කමින් පෙලෙන රටේ බාගයක් ජනතාවගේ දුප්පත්කම නැති කරන්න නව වැඩසටහනක් ක්‍රියාවට නංවනවා. දිගින් දිගටම සහනාධාර දෙන ක්‍රමය නවතා ජනසවිය වැනි ක්‍රමයක් ක්‍රියාවට නැංවිය යුතුවා යැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මීරිගම දී පැවසීය. 19 August 2024
ගමන මෙතැනින් නතර කළොත් කඩා වැටීම ෂුවර් කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 19 August 2024
දිලිත්ට දමිල පක්ෂයක් එක්වෙයි සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් නැගෙනහිර දමිළ ජනතාව නියොජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා විශ්නු කාන්තන් මහතා සර්වජන සන්ධානයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් විය. 19 August 2024
ඡන්ද වැඩට රාජ්‍ය සේවකයෝ දෙලක්ෂයක් මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. 19 August 2024
’’මඩ ගැහුවට රැවටෙන්න එපා’’ මේ වන විට ජාතික ජන බලවේගයට එරෙහිව විවිධ අසත්‍යය චෝදනා සහ මිථ්‍යා කථා සමාජය තුළ පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බැවින් ඒවාට අසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(19) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය 19 August 2024
රොෂාන් රණසිංහ මෛත්‍රී මුර්ති හිමි බැහැදැකයි මෙවර ජනාධිපති වරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බලන්ගොඩ ශ්‍රී ධමිමානන්ද පිරිවෙනේ විහාරස්ථානයට අද (19) දා පස්වරුවේ පැමිණ අමරපුර නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 19 August 2024
නාමල් ජනපති වෙන්න භාරයක් වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයට පැමිණ ජනාධිපතිවරණය වෙනුවෙන් අද (19) දින භාරයක් වීම සිදු කරන ලදී. 19 August 2024
මුතුහෙට්ටිගම - ඉෂාක් රහුමාන්ටත් එජාප සංවිධායක ධුර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (19) සිදු කෙරුණු අතර එහිදී සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාට අනුරාධපුර දිස්ත්‍රික් එජාප සංවිධායකවරයෙක් ලෙස පත්වීම ප්රදානය කෙරිණි. 19 August 2024
අපේක්ෂකයෝ මහ රොත්තක් විනෝදයට ඡන්ද බිමේ ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගෙන් සියයට අනූවක්ම ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය නොව වෙනත් වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව පෙනී යන්නේ යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 19 August 2024
වරෙන්තුකරු පී.සීගේ අත සපා පැනයයි මාවනැල්ල ප්‍රදේශයේදී විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් ගෙදර සිටි සුනඛයා උසිගන්වා පසුව වරෙන්තුකරුවන් විසින් කොස්තාපල්වරයකුගේ අත සපා කා අත්අඩංගුවෙන් මිදී පලා යාම සම්බන්ධයෙන් කාන්තාවක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි. 19 August 2024
’’රනිල් ජනපති කරන්නේ කාන්තාවන් මුල් වෙලා’’ මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවැසුවාය. 19 August 2024
ආගම ජාතිය මැතිවරණෙට ගාවගන්න එපා මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු භාවිත කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි 19 August 2024
තරු හෝටලයේ ජීව උණ්ඩයක් කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවූ බව කොටුව පොලිසිය කියයි. 19 August 2024
යාපනයේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතා යාපනය, ඓතිහාසික තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්න් ඇතුළු පිරිසක් අද (19) විහාරය ඉදිරිපිට විරෝධයක නිරත වූහ. 19 August 2024
ලොරිය කොච්චියේ හැපී අයෙක් මරුට:අයෙක්ට බරපතලයි මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද(19) දහවල් දර පටවාගෙන ගිය ලොරි රථයක් දුම්රියක ගැටී එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙක් මරුමුවට පත්වී අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ගොඩ පොලීසිය කියයි. 19 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026