
(විමුක්ති එස් රුද්‍රිගු)
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් මහතා සිය පවුල සමග සිදුකළ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පසුගියදා සටහනක් තැබීමට අමතක නොකළේය.
යමෙකු රටක සංචාරය කරන විට දේශීය ජනතාවට හැකිතාක් සමීපව සිය සංචාරය සිදුකළ යුතු බවත් එලෙස සංචාරය කිරීමෙන් දේශීය ප්‍රජාවට සහ පරිසරයට ප්‍රයෝජනයක් සිදුවන බවත් ජොන්ටි රෝඩ්ස් මහතා පැවැසුවේය.
ශ්‍රී ලාංකික ජනතාවට සමීපව සංචාරය කිරීමේ අරමුණින් ත්‍රී රෝද රථ තුනක් මෙරට ත්‍රී රථ කුලියට ලබාදෙන සමාගමක් වෙන ටුක්ටුක් රෙන්ටල්ස් වෙතින් කුලියට ගත්බව රෝඩ්ස් මහතා ප්‍රකාශ කළේය. ටුක්ටුක් රෙන්ටල්ස් සමාගම ශ්‍රී ලාංකිකයන් සතු ත්‍රී රෝද කුලියට ලබාදෙන බැවින් ඔවුන්ටද ඉන් වාසියක් අත්වන බව රෝඩ්ස් මහතා කීය.
ටික කලක සිට රෝඩ්ස් පවුලේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව සඳහා ප්‍රියතම ගමනාන්තය ශ්‍රී ලංකාව බවද ඔහු පැවැසුවේය. සිය සංචාරයේදී අහංගම ඇතුළුව ස්ථාන කීපයකදී රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වූ බවද ඔහු ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...!
මගේ ආචාරය ජොන්ටි...
මෙයා ක්‍රීඩා කරපු, මැච් බලපු කට්ටිය දන්නවා ඇති, ෆීල්ඩින්ග් වලදී මෙයා ඉන්න පැත්තෙන් බොලෙ යන එක හීනයක් බව...!
නියමයි ජොන්ටි...!
ඔහු දක්ෂ පන්දු රකින්නෙක්...
බොහෝම ස්තුතියි!