
(දයාරත්න ඇඹෝගම,චාපා මධුභාෂිණි, සහ නිමල් ජයරත්න)
උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විම අත්හිටුවිමට පියවර ගත්බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය.
උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන් විසි දෙදහසක් (22,000) අද මෙම විභාගයට පෙනි සිටිමට නියමිතව සිටි අතර මේ සදහා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (රැ.1,50,000.00) පිරිවැයක් දරා ප්‍රශ්න පත්‍ර විසිදෙදහසක් මුද්‍රණය කර තිබුණි.
එහෙත් මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදිම උපකාරක පංති පවත්වන ගුරුවරුන් විසින් තමන්ගේ උපකාරක පංති සදහා සහභාගිවන සිසුන්ලවා මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ලද තොරතුරු මත විභාගය අත්හිටුවිමට මෙසේ පියවර ගෙන තිබුණි.
ඡායා චාපා මධුභාෂිණි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම පිරිවැය අදාළ උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් අයකරගෙන ඔවුන්ට වසරක කාලයක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන්න.
ටියුෂන් ගුරුවරු කියන්නේත් එක්තරා ආකාරයක පාතාලයක් තමයි...!
ටිව්ෂන් කියන්නේ මේ රටට විනයක්. ටිව්ෂන් මේ රටින් අතුගා දැමිය යුතුයි.
ප්‍රශ්න පත්‍රය පිට වුණා කියලා දරුවෝ හිස් අතින් යැව්වා නෙවෙයි විභාගය නොපැවැත්වීමක් වෙලා තියෙන්නේ..., මොකද වෙනදා දරුවෝ අත පුරවාගෙන ගෙදර ගියේ නෑනේ...!
ගිය ආණ්ඩු කාලෙ ප්‍රශ්නපත්‍රයක්වත් ආණ්ඩුවට හදාගන්න බැහැ කියල කෑ මොර දුන්නු වහල් ජනය දැන් නිහඩයි.