IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රජරට සිංහල පේපරේ කලින් පිටවෙලා:දරුවන් හිස් අතින් ගෙදර

(දයාරත්න ඇඹෝගම,චාපා මධුභාෂිණි, සහ නිමල් ජයරත්න)

උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විම අත්හිටුවිමට පියවර ගත්බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා  පැවසිය.

උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන් විසි දෙදහසක් (22,000) අද මෙම විභාගයට පෙනි සිටිමට නියමිතව සිටි අතර මේ සදහා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (රැ.1,50,000.00) පිරිවැයක් දරා ප්‍රශ්න පත්‍ර විසිදෙදහසක් මුද්‍රණය කර තිබුණි.

එහෙත් මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදිම උපකාරක පංති පවත්වන ගුරුවරුන් විසින් තමන්ගේ උපකාරක පංති සදහා සහභාගිවන සිසුන්ලවා මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ලද තොරතුරු මත විභාගය අත්හිටුවිමට මෙසේ පියවර ගෙන තිබුණි.

ඡායා චාපා මධුභාෂිණි



අදහස් (5)

රජරට සිංහල පේපරේ කලින් පිටවෙලා:දරුවන් හිස් අතින් ගෙදර

Pradeep Kumara Monday, 06 January 2025 01:28 PM

එම පිරිවැය අදාළ උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් අයකරගෙන ඔවුන්ට වසරක කාලයක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන්න.

:       1       64

Janindu Monday, 06 January 2025 01:50 PM

ටියුෂන් ගුරුවරු කියන්නේත් එක්තරා ආකාරයක පාතාලයක් තමයි...!

:       2       50

saman Monday, 06 January 2025 02:06 PM

ටිව්ෂන් කියන්නේ මේ රටට විනයක්. ටිව්ෂන් මේ රටින් අතුගා දැමිය යුතුයි.

:       2       33

himal Monday, 06 January 2025 02:57 PM

ප්‍රශ්න පත්‍රය පිට වුණා කියලා දරුවෝ හිස් අතින් යැව්වා නෙවෙයි විභාගය නොපැවැත්වීමක් වෙලා තියෙන්නේ..., මොකද වෙනදා දරුවෝ අත පුරවාගෙන ගෙදර ගියේ නෑනේ...!

:       4       11

වහල් Monday, 06 January 2025 03:57 PM

ගිය ආණ්ඩු කාලෙ ප්‍රශ්නපත්‍රයක්වත් ආණ්ඩුවට හදාගන්න බැහැ කියල කෑ මොර දුන්නු වහල් ජනය දැන් නිහඩයි.

:       6       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site