
(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන් අව්වට වේලි, වැස්සට තෙමි මෙතෙක් කල් තේ දළු නෙලිමේ කටයුතු සිදු කරගෙන පැමිණි අතර, එම කම්කරුවන් අව්වෙන් වැස්සෙන් පිඩාවට පත් නොවි පහසුවෙන් තේ දළු නෙලිම සදහා මෙම කුඩය හදුන්වා දුන් බවයි එම වතුයායේ වතු අධිකාරි නදීර ගුණසේකර මහතා කියා සිටියේ.
තම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජේ.රොද්‍රිගෝ මහතා සහ වතු සමාගමේ සමාන්‍යාධිකාරි වසන්ත ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත තම වතුයායේ තාක්ෂණ නිලධාරින් සමග එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය හදුන්වා දුන් බවද වතු අධිකාරිවරයා පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්
හොඳ දෙයක්....
ඉතා හොඳ වැඩක්. දහඩිය හෙලන මිනිස්සු ගැන මානුෂිකව හිතපු කළමණාකාරීත්වයක්...!
තද සුළං ඇති කාලෙත්/ පළාත්වලත් පාවිච්චියට ගත හැකි වේවි නේද?
ලංකාවේ අනිකුත් වතු සමාගම් මෙම මානුෂික ක්‍රියාව අනුගමනය කරත්වා.
වැඩේ නම් ඉතාමත් අගය කරන්න ඕනෑ. ඒත් ඕක අව්වට, වැස්සටත් බඹරු දෙබරුන්ගෙන් අනතුරු වලින් බේරීමට නම් කදිමයි. ඒත් ඉතින් තද සුළඟක් එහෙම ආවොත් අවම වශයෙන් දලුගෝනියත් සමග දලු මඩුවටත් උපරිමයෙන් තේ කම්හලටත් ගුවනින් යන්න නොලැබුණත් හොඳටම ඇති...