
(නාමිණි විජේදාස)
ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් රාශියක් ඉදිරි සති කීපයේදී ගලා ඒමට නියමිත බවත් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක් බවත් තොරතුරු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රට රැකියාවලට යෑමට බලාපොරොත්තුවන්නන් හේතුවෙන් ඉදිරි සති කීපයේදී විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් 30,000 ක් පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
එසේම විදේශ රැකියා නියෝජිතයන් ද රට රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට කරදරයකින් තොරව විදේශ ගමන් බලපත්‍ර ලැබෙන බව සහතික කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වන ලෙස ඉල්ලා ඇති බව ද පැවැසෙයි.
දිගින් දිගටම රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ලැබෙන ඉල්ලීම් සපුරාලීමට අපොහොසත් වුවහොත් මෙරටට ලැබෙන විදේශ රැකියා අවස්ථා අනෙක් රටවල ශ්‍රම වෙළඳපොළ වෙත යොමුවීමේ අවදානමක් තිබෙන බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇතත් එහිදී මෙම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බව ද පැවැසෙයි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බාර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ දැරුවත් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබිණි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා තහවුරු කර සිටියේ පසුගියදා පැවැති රැස්වීමේදී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ගැටලුව මතුකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට ඒ අයත් එකයි, මේ අයත් එකයිනේ. කයිවාරුවේ තරමට වැඩ නෑ වගෙයි පෙනෙන්නේ...
සිරිසේන වගේම අනුරත් මෙලෝ සිහියක් නැතුව රට සවාරි යනවා. ජනතාව පාස්පෝට් පෝලිමේ. විජිත හේරත් කිව්වේ කොහොමද? සති දෙකෙන් විසඳනවා කිව්වා. දැන් ඒ කයිවාරුවටත් මාස තුනයි...
හිතාමතා රජයේ ඇමැති පාස්පෝට් අර්බුදයකට රට ගෙනියනවා වගේ හැඟීමක් එන්නේ. රජය මේ වගේ අයට ප්‍රතිචාර දැක්විය යුතුයි. දැන් සමහර මාධ්‍ය හිතාමතා රජයේ වැඩ රිණාත්මක වන විදියේ පුවත් මවනවා. මේකේ කමෙන්ට් දැක්කත් රජයට එරෙහිව එන ඒවා තමයි වැටෙන්නේ...!
විජිතට ජයවේවා...!
කිසි කෙනෙක් කතා නොකරන ලොකුම ප්‍රශ්නයක ඉන්නේ දැනට විදේශගත වෙලා වැඩ කරමින් පාස්පෝර්ට් කල් ඉකුත්වෙලා වීසා ගහ ගන්න බැරුව ඉන්න අයයි. තානාපති කාර්යාල හරහා ලංකාවේ පාස්පෝර්ට් කාර්යාලයට එවලා තියෙන්නේ මීට මාස 7 කට කලින් (2024) එත් තවමත් පාස්පෝර්ට් එක අලුත් වෙලා ඇවිත් නෑ. ලංකාවේ මුදලින් රුපියල් 45,000...ක් වගේ ගෙවන්නත් ඕනේ. වීසා අලුත් කලේ නැත්නම් ඉන්න රටේ දඩ ගහනවා. හදිසියකටවත් ලංකාවට එන්න බෑ. කතා කරන්න කෙනෙක් නෑ. email/ටෙලිෆෝන් call වලට answer නෑ.. ලංකාවේ ලක්ෂයක් දීලා පාස්පෝර්ට් හදා ගත්තු අය ඉන්නවා...
සාමාන්‍යයෙන් දිනකට විදේශ ගමන් බලපත්‍ර 2000 - 2500 ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන බව තමයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පහුගිය දවස්වල පැවසුවේ. ඒ අනුව දැනට තියෙන තොගය ආසන්න වශයෙන් මාස හතකට සැහෙන බව පෙනෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවීමට කොහෙත්ම ඉඩ නැහැ. මේ කරන්නේ ආණ්ඩු විරෝධී දුෂිත නිලධාරින් හා මාධ්‍ය එක්වි ජනතාව අනවශ්‍ය ලෙස කළබල කරවීමට හා එමගින් රජය අපහසුතාවයට පත් කරන්න දරන උත්සාහයක් බව සාක්ෂි සහිතව ඔප්පු වෙනවා...
පාස්පෝට් ලක්ෂ හතහමාරක් කොපමණ කාලයකට සෑහෙනවද කියන්න. ඒක සැලකිය යුතු ගාණක් නේද? සමහරවිට නව එකකට යන්න අදහස් කරනවා වෙන්න ඇති...
ප්‍රශ්න විසඳන්න නිලධාරීන්ගේ සහයත් අවශ්‍යයි ආණ්ඩුවට...
පත්වෙලා මාස තුනක් වෙලත් පාස්පෝට් ප්‍රශ්නය විසඳාගන්න බැරි අසාර්ථක ඇමැතියෙක්. තමන්ගේ නොහැකියාව නිලධාරීන් සහ පහුගිය ආණ්ඩුව පිටින් යවන්න හදනවා.
පාස්පෝට් අර්බුදයක් දැනට නැහැ. එකම ප්‍රශ්නය පාස්පෝට් ගැනීමට ඇති අධික ඉල්ලුමයි. ජනමාධ්‍යයෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා...
ඇයි මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්නේ නැත්තේ. විශාලා කරදයරක් උනානෙ. මම පිටරට ඉන්නේ. මගේ පාස්පෝර්ට් එක July වල expire වෙනවා. දැන් online appointment එකක් apply කලොත් april date තමයි පෙන්නනේ. එත් පිටරට ඉන්න අයට appointment ගන්න බෑ .මෙහේ embassy එකෙන් දැම්මොත් මාස හයකීනුත් sure නැහැ.සමහරු තැරැව් කාරයන්ට ලක්ෂ එක හමාරක් දීල වැඩේ කරගන්න පුළුවන් කියනවා. බොරුවට මිනිස්සු අපහසුතාවට පත්වෙනවා. ඇයි ඇමතියි, මේකේ ඉන්න ලොකු එවුනියි responsibility එකක් අරන් මේ ප්‍රශ්නේ ඉක්මනට විසදන්නේ නැත්තේ. මුන්ට වැඩ බැරිද? නැතනම් තියෙන මුස්පේන්තු කමද ?
විදේශ ගමන් බලපත්‍රය පමණක් නොවේ. දැන් බොහෝ රටවල තානාපතිවරු නැත. ඔවුන් නැවත මෙරටට කැඳවනවා මිස නව තානාපතිවරුන් තවම පත් කර නැහැ
මොනවා උනත් කමක් නැහැ, සෙනවිරත්න හොඳට ගලේ ගහලා හෝදාල දෙනවා . එදකින්.