
(රෝෂන් තුෂාර)
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (05) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මගින් සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක මහතා සඳහන් කර සිටියේ සැකකරු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම භාවිතා කරමින් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට බිය ගන්වා රුපියල් 25 000.00 මුදල් බැගින් ලබාගෙන ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නියෝජ්‍ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ්