
(අංජුල මහික වීරරත්න)
දඹදිව සිද්ධස්ථාන අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(5) පැවසීය.
කත්මණ්ඩු ආනන්ද කුටියට 2015 වසරේ භූමි කම්පාවෙන් හානි සිදුවූ අවස්ථාවේදී එම කුටිය ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දෙකක පරිත්‍යාගයක් කළ බව කී හිටපු ජනාධිපතිවරයා එම කුටිය නැවත සැකසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වන ජන්ම දෙන පුණ්‍යෝත්සවය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.මරදාන මාලිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ දී මෙම පුණ්‍යේත්සවය පැවැත්විණි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමි ප්‍රමුඛ මහාා සංඝරත්නයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයෝ ද ව්‍යවසායකයෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු විකලෙන් කියවන්නේ නැතුව ඉන්න හලෝ… මහ බැංකුව කඩපු සල්ලි යවන්න…
ඈ බන් ඩොලර් මිලියන 2ක් දුන්නා කිව්වේ හැදුවේ හමුදාවෙන් නම් ඩොලර් මිලියන 2 ට මොනවද වුනේ..? මේවා අපබ්‍රංසනේ... හොරා කාලා ඉවර වෙලා තවත් කියවනවා. ඉක්මනට හිරේ දාන්න ඕනෑ...
එන සැරේ ජනාදිපති වරනෙට ඉදිරිපත් වෙලා අපහු රටටම විහිළුවක් වෙන්නේ නැතිව ඒ මුදල් ටික එකතු කරලා දඹදිව සිද්දස්ථාන අලුත් වැඩියාවට ආධාර කරන්න
පින් ජනපති කාලේ ගසාකාපු සල්ලී වලින් ආධාර කරන්ඩ බැරිකමක් නැහැනේ?
අපොයි දෙයියන්නේ අමතකද ඉන්දියාවේ හිගන්නන්ගෙනුත් පහුගිය කාලේ හිගා කාපු මුදල් අපිට එවවා.තමුන්ලාගේ කෙරුවා වල පතිඵල තමයි මේවා
අප්පට සිරි... ඩොලර් මිලියන 2ක් දීලා..? ලංකාවේ බංකොළොත් කරලා තව ආධාරත් දෙනවා.
ආධාර? ඉන්දීය ආධාර යටතේ ලංකාවට ගෙනාපු බස් 500න් එකකින් රුපියල් ලක්ෂ 60 ගානේ හොරකම් කලේ කවුද සීයේ? හිරේ යන්න ලැහැස්ති වෙනවා.
තවත් ජාවාරමකට සූදානම් වෙනවද? ඔය ස්ථාන බලන්න එන අයගෙන්, ටුවරිස්ට්ලාගෙන් හොඳ ආදායමක් එනවා නේද?
ජනාධිපති අරමුදලෙන් අරගන්න තිබුණා නේද? බලය තිබුණා නම් මීහරකාට අසරණ මිනිසුන්ට සතයක් දුන්නේ නැහැ. සේරම ගොබ්බ රැලට දැන් පුරාවස්තු සුරකින්න යනවා. තමුන්ට තියෙන දේපළ විකුණලා දෙන්න දරුවෝත් නැහැනේ... මේ වගේ කෙනෙක්ට කොහෙන්ද දරුවෝ...? පපුවක් නැහැ, කලුගලක් අනුරගෙන් ඉගෙන ගන්න ජනාධිපති කෙනෙක් රට කරන හැටි ඔය කෝට් එක ගලවලා සරම අඳින්න හිතන් ඉන්නේ... හරි උගතා කියලා සේරමලා දන්නවා...
අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එකතු වෙලා ගසකාපු සල්ලි ඕවාට යොදවන්න...!
අම්බලමේ පිනා, මේවට මට හිනා.
ඔහු ජේ ආර් ජයවර්ධන මැතිතුමා පිළිබඳව මල්වතු නායක ස්වාමින් වහන්සේ සමග අදහස් හුවමාරු කරගැනීමක් පවා සිදුවිය. ජපානය සහ ශ්‍රී ලංකාව එක්ව ලුම්බිණියේ පූජාභූමිය අවට පරිසරය තුළ භික්ෂුණීන් වෙනුවෙන් උපාසිකාරාමයක් ගොඩනගා පූජාකිරීමට පිළිබඳ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපාන තානාපතිවරයාට යෝජනා කළහොත් ජපානය ඉතාම ගෞරවයෙන් යුක්තව එකඟ වෙනවා ඇත. ඒ සඳහා ජපාන ගෘහනිර්මාණ ශීල්පින්ගෙන් පවා සැලසුම් සහ සීමාරහිත සහයෝගයක් ලබාගත හැකි වනු බව මගේ විශ්වාසයයි. ලංකාවේ වර්තමාන ජපාන තානාපතිවරයා මීට පෙර කැනඩාවේ සේවය කර තිබේ.
පුළුවන් නම් වන්දනා ගාස්තු අඩුකරන්න යෝජනා කරන්න. 2015 මම ගියේ දින 12ක චාරිකාව. 85000ට... දැන් 250000යි. මේක සාමාන්‍ය ජනතාවට ලොකු ගාණක්...
අවසාන කාලේ විකාර කරන්නේ නැතිව ඉන්න ඔයා...