
(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන බව පෞද්ගලික බස් රථ සමිති අද (5) පස්වරුවේ පවසති.
වර්ජනයකින් තොරව මෙම අසීරුතාව මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා තිබුණ ද මේ දක්වා සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් මෙම සතියේ ඉදිරි දින කීපයේදී එම අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන වන බවත් පෞද්ගලික බස් රථ සමිති නායකයෙක් ‘ලංකාදීපය’ට පැවසීය.
බස් රථවල අමතර උපාංග සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසිය පසුගිය දිනවල කටයුතු කළ ආකාරය පිළිබඳව බස් රියදුරයන් සහ සහයකයන්ගෛන් දැඩි විරෝධයක් ඇති බවත් එම විරෝධය බස් වෘත්තීය සංග‘ම්වලට පාලනය කළ නොහැකි තත්වයකට පත්ව ඇති බවත් එම නායකයා කීය.
බස් වර්ජනයකට යෑමෙන් තොරව මෙම ප්‍රශ්න විසඳාගැනීමට උත්සහ කරන බව කී බස් සංගම් නායකයෙක් ආණ්ඩුව මෙම ගැටලුවට ලබන බඳදා වන විට ස්ථිර විසඳුමක් නොදුන හොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද සඳහන් කළේය.
පොලිසිය බස් රථ ගාල්කර තිබෙන ස්ථානලට ද පැමිණ ඒවායේ සවිකර තිබෙන අමතර උපාංග පරීක්‍ෂා කරන බවත් එම උපාංග බොහෝමයක් පැවැති ආණ්ඩුවලටට මුදල් ගෙවා සවිකළ ඒවා බවත් බස් රථ සේවකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ලින් ශ්‍රී ලංකා යටතේ කට්ටඩි වැඩ, නිවාස වල පවත්වන දේවාල, රෝග සුවකිරීම්, රැකියා ලැබීමට කරන පූජා, හඳහන් බැලීම වැනි වංචා ක්‍රියා නියාමනය කරන්න.
අමතර දේවල් සවි කළාම අනතුරකදී ඒවගේ වැදිලා මිනිසුන්ට වැඩිපුර හානි වෙන වග ප්‍රකාශ කරලානේ තියෙන්නේ. අලි එලවන්න වගේ නලා හයි කරගෙන, තෙරන් වගේ ලයිට් දාගෙන, වෙනම ලෝකෙක එයාලා ඉන්නේ. විනයක් නෑ. මගීන්ට ගරු කරන්නේ නෑ. මේවා හැදෙන්න ඕනෑ.
නීතියට ගරු කරන පුරවැසියන් විදියට මොවුන් ස්ට්‍රයික් කළොත් අපි කට්‍ට කන්නම්. ඒත් මේ clean sri lanka වැඩසටහන නවත්තන්න එපා...
ලෝකෙ මොන රටේද තොරන් වගේ පාරෙ බස් යන්නේ. කණ පැලෙන්න සද්දෙ ඇතුළට නැග්ගාම. මෙයාලාට ඕනෑ විදියට ද රට පාලනය කරන්නේ? පොලිස්පතිතුමනි, අඟලක්වත් පස්සට ගන්න එපා. ස්ට්‍රයික් කරන්න කියන්න. හමුදා දාලා හරි බස් දුවන්න. මෙහෙම කරන්න දෙන්න බැහැ.
අනිවාර්යයෙන්ම ඔය ලට්ට පට්ට සියල්ල ගලවා ඉවත් කළ යුතුයි. බස් සිංදු මහා සද්දෙට දාගෙන යනවා කන් පැලෙන්න, ඒවා සියල්ල ගලවා ඉවත් කළ යුතුයි, "පුළුවන් නම් නැගපල්ලා බැරිනම් බැහැපල්ලා" සංස්කෘතිය මුලිනුපුටා දැමිය යුතුයි.
රජය කිසිඳු ලෙසකින් මොවුන්ට නැමිය යුතු නැහැ. විනය සහ මනුස්සකම නැතිම පිරිස ත්‍රීවිල් සහ පුද්ගලික බස් රථ. කිසිම විනයක් නෑ. රිය අනතුරුවලදි වැඩිම වගකීම මොවුන්ගේ. ඩ්‍රයිවර් බස් එලවන්නේ පෝන් එක කනේ ගහගෙන.. මිනිස් ජීවිත ගැන කිසිම තැකීමක් නැති මිනිස්සු. මිනිස්සුන්ගේ ඉතුරු සල්ලි නොදී එක දවසකට කෝටි 2 ,3 ක් හොරකම් කරනවා. වර්ජනය කරන්න කියන්න. ඔවුන්ගේ පදේට ආණ්ඩුව නැමෙන්න ඕනෑ නෑ. ඔය මිනිස්සුන්ට වර්ජනය කරලා එක දිගට දින 5ක් ඉන්න බෑ. ලීසින් වාරික, ඇරියස් වෙද්දී වර්ජන ඉවරයි...
මොවුන්ට කිසිම විනයක් නැහැ.. නීතිගරුක බවක් නැහැ. වර්ජනය කළොත් බස් රජයට පවරාගෙන දුවන්න.. ඔය මාෆියාවට යට වෙන්න එපා..
නීති ඉක්මණට සම්පාදනය කරලා ස්ට්‍රයික් කරන අයට උපරිම දඬුවම් ප්‍රායෝගිකව ලබාදෙන්න, එතකොට හැදෙයි ශුවර්...
කොහොමද වැඩේ මම ඒත් බැලුවා... මොකද පමා කියලා මේ පාතාලයින්ට පාරේ රඟන්නනේ ඔය ඉල්ලන්නේ.. රජයට අපි කියන්නේ නවත්වන්න එපා... ඔය වැඩේ නැව් වල හෝන් හයිකරගෙන ඉන්නේ ඒ මදිවට දැන් ඩෑෂ්බෝඩ් එක උඩ ෆ්ලැෂර් හයිකරලා පාරේ යන්නම බෑ. මේ ගොල්ලොයි ත්‍රීවිල් කාරයෝයි හින්දා විෂේශයෙන් 174 බස් යන විදිහ බලන්න පාර එයාලාගේ වගේ ඉස්සරවෙලාම මාර්ගනීති වලින් තමා පටන්ගන්න ඕනේ.. අපගේ සම්පුර්ණ සහාය රජයට...
ලංකාවේ බස්වලට වඩා බස් මගීන් වැඩියි කියන එක ඔය බස් මරුවන්ට මතක් කරන්න කැමැතියි. බස් මගීන් දවස් දෙකක් බස් වර්ජනය කළොත් කාගේද ලීසිං එක හිරවෙන්නේ...?
නූගත් අය මොනවා කීවත් නවත්තන්න එපා. හැමදාම ස්ට්‍රයික් කරන්නයෑ...!
රටක විනය බලාගන්න පුළුවන් ඒ රටේ පාරෙන්. මේ රටේ මාර්ගවල විනය බල්ලාට දාලා තියෙන්නේ ප්‍රයිවට් බස්කාරයෝ සහ ත්‍රීවීල්කාරයෝ. මේ අයට නීතිය මීටත් වඩා තදින් ක්‍රියාත්මක කළ යුතුයි. හොඳින් හෝ නරකින් ඔවුන් නීතියට යටත් කළ යුතුයි. වැදගත් මිනිස්සු රටවල් අතඇරලා යන්නෙත් මේ කාලකන්නින් නිසා. මීට අමතරව තව ඩිමෝ බට්ටෝ කියලා වාහන ජාතියකුත් තියෙනවා. ඒවා ගැනත් බලාගන්න.
මේ එක එක හිකනල්ලුන්ට ඕන විදියට කරන්න ගියොත් මේ රටේ කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ. වර්ජන කරන්න. ගේන්න ඕනෑ නීතියක් වර්ජනය කරන ඒවාගේ පර්මිට් අහෝසි කරන බස් එක ඔයාගේ වුණාට පර්මිට් එක පරම අයිතිය රටට...!
මේ පුද්ගලික බස්රථ නම් නියාමනය කරන්න ඕනෑ. කිසි විනයක් නෑ. මේ අය ස්ට්‍රයික් කළොත් මොවුන්ට විරුද්ධව ජනතාවත් රජයත් එක්ක අත්වැල් බැඳගන්න ඕනෑ. එහෙම නැතිව මේ රට හදන්න බෑ... මාලිමාවට ජය වේවා..!
මෙවැනි තර්ජනවලට හොඳම විසඳුම තමයි, අලුතින් බස් දානවට එකතු වෙන්න කැමැති බස් හිමියන්ගෙන් අයදුම් පත් කැඳවලා ලැහැස්ති පිට තියාගන්න එක... මොවුන් තර්ජන, ගර්ජන කරලා වර්ජනය කරපු ගමන් එව්වා අවලංගු කරලා අලුතින් ඉල්ලුම් කරපු අයට අවස්ථාවක් ලබාදෙන එකයි.
බස් කාරයින්ට ඕනෑ විදියට වැඩ කරන්න ඉඩ නොදිය යුතුමයි.
ජනතාව කිසිම විටෙක මේ මගමරුවන්ගේ පැත්ත ගන්නේ නැහැ. මේ මහමග ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව මුදාගන්න එක පාලකයින්ගේ වගකීමක්. මෙය දිගටම සිදු කරන්න...
මේ බස් කාරයෝ රටට පිළිලයක් පොලිසියේ වැඩපිළිවෙල අගය කරමි. තව තවත් බස් කාරයින්ට නීතිය තද කරනු මැනවි...