
(යොහාන් භාසුර)
රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා ඉහළ දැමීම පිළිබඳව සමාජය තුළ විශාල අතෘප්තියක් ඇති බවත් බැංකු පොලියෙන් ජීවත් වන වැඩිහිටියන් ආණ්ඩුවේ බදු සෙල්ලම නිසා ජීවත් වෙන්න බැරි තත්වයකට පත්ව ඇති බවත් ජනඅරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
නුගේගොඩදී අද (5) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී දුමින්ද නාගමුව මහතා එසේ පැවසීය.
විශ්‍රාමික වැඩිහිටියන් විශ්‍රාම ගොස් වැටුප බැංකුවේ තැන්පත් කර ලැබෙන පොලියෙන් ජීවත් වන බවත් මෙම රැඳවා තබාගැනීමේ බද්ද ළමා ඉතුරුම් ගිණුම්වලට පවා අදාල වන බවත් නාගමුව මහතා කීය.
මව්පියෝ දුක් විඳලා ළමයන්ගේ බැංකු පොතේ කීයක් හරි දැමිම ඒකෙනුත් කොටසක් බදු විදිහට පැහැර ගැනීම සාධාරණ නොවන බවත් රනිල් ගහපු සියයට 5 ක රඳවා තබාගැනීමේ බද්ද ඉවත් කරන්නේ යැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ සඳහන් වූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයට පහ කමක් නෑ. ඒත් දහය හෙනගහන අපරාධයක්. නිකමුන්ට කන්න දෙන්න වැඩ කළ සහ ඉතිරි කරන ජනයාගේ ජීවනෝපාය උදුරා ගැනීම...
රඳවා තබා ගැනීමේ බද්ද අය වෙන්නේ මාසික ආදායම ලක්ශ 1.5ට වඩා වැඩි නම් විතරයි කියලා කිව්වේ. තමන්ගේ ආදායම ඊට වඩා අඩුනම් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියලා ඒක ඉවත් කරවා ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ...!
මේ මිනිස්සු ජනතාව මුලා කරනවා. 10% බද්ද අය කරන්නේ මාසෙට රු.150000/= පොලියක් ගන්න අයගෙන් පමණක් බවයි. ජනාධිපතිතුමා කිව්වේ. ඒක අසාධාරණ නෑ. මේ අය අඟවන්නේ සියළුම ගිණුම් වලින් මේ බද්ද අයකරන බවටයි.
ඔය ඔක්කොම යාළුවොනේ මල්ලි... දැන් බයිලා ගහනවා.
කෝ මුන් දැන් පාරේ දගලනවා පෙන්නන්නේම නැත . කලින් පඩයක් ගියත් පාරට බසින කට්ටිය.