(යොහාන් භාසුර)
ජනතා සේවයට වෙන්කරන මුදල්වලින් සියයට 30 ක් 40 ක් නැවත භාණ්ඩාගාරයට හරවා යවන ක්‍රමය නතර කර ජනතාවගේ සංවර්ධනයට මුදල් යොදවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මහජනතාවගේ මුදල් ගිණුම්වල රඳවාගෙන නොසිට නිසිපරිදි ජනතාව වෙනුවෙන් වැයකළ යුතු බවත් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අද (3) පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදී එසේ පැවසීය.
දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා වෙන්කරන මුදල් ආයතනික ගිණුම්වල අංශවල රඳවාගෙන අවසන් දවස් කීපයේ ඒසී සවිකිරීමට, කර්ට්න් ගන්න, පුටුසැටි ගේන්න වගේ දේවල්වලට වියදම් කරන බව කී උපාලි සමරසිංහ මහතා මෙම වසරේ අනිවාර්යෙන්ම මහජන සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු බව ද සඳහන් කළේය.
මෙම වසරේ ලැබෙන සතයක්වත් අපසු හරවා නොයැවිය යුතු බවත් සමහර රෝහල්වලට වෙන්කර සල්ලි හරහා යැව්වත් ඒ රෝහල්වල බෙහෙත් නොමැති බවත් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට ඉතින් මුදල් ලබාදෙන ක්‍රමය ප්‍රධානම හේතුවක් වෙනවා. මෙතෙක් කාලයක් එක් එක් ව්‍යාපෘති සඳහා මුදල් එවීම කලේ බොහෝවිට අගෝස්තු මාසයත් අවසන් වුණාට පස්සේ වීම හේතුවක් වුණා. මුදල් ලැබුණාම අදාල සැළසුම් කිරීම ටෙන්ඩර් කැඳවීමටත් හා ටෙන්ඩර් පිරිනැමීමට කාලයක් ගියාම වැඩක් කරන්න කාලයක් නැහැ. මුදල් ආපසු යවන්නම වෙනවා. පුළුවන් නම් අගෝස්තු මාසය අවසන් වනවිට සියලුම ව්‍යාපෘති අවසන්කර දෙසැම්බර් මාසයේ මුල් සතියේදී ඒවාට කළයුතු ගෙවීම් අවසන් කරන නීතී හදන්න. නැත්නම් දෙසැම්බර් අවසාන වැඩිකරන දිනයේ ගිණුම් පියවනවා කියන්නේම.... තනිකරම නාස්තියට පාර කැපීමක් තමයි...
ඉතින් මහත්තයෝ, රජයේ මුදල් මහජන සුබ සිද්ධියට කියලා බෙදලා දෙන්න බැහැනේ. අර කොහේදෝ පැත්තක ගමේ කර්මාන්ත දියුණු කරන්න කියලා මිනිස්සු ඉල්ලුවාලු හට් හදලා දෙන්න කියලා. සල්ලි වියදම් කරලා හට් හදවලා දුන්නාම දැන් ඒ මිනිස්සු ඒවායේ ත්‍රී වීල් පාක් කරනවාලු... කර්මාන්ත කරන්නේ නැතිලු. ඉතින් මොකද කරන්නේ?