
(ආරියරත්න රණබාහු)
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස මාධ්‍ය නිදහසට අත තැබීමට සූදානමක් නැති නමුත් යම් අයෙකු තම ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් ද්වෙශ සහගත සහ අසත්‍ය පුවත් පළ කිරීමට හෝ ප්‍රචාරය කිරීමට කටයුතු කළහොත් ගන්නා ක්‍රියාමාර්ග හෙළි කිරීම දැනට සිදු නොකරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03)පැවසීය
රජය ප්‍රවෘත්ති කර්මේන්තුවේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව කීය.
එක්තරා පුවත්පතක් මාස කිහිපයක් තිස්සේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සහ ජනතාවට ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් ඇතිවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙම අවස්ථාවට පෙලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් එච් එස්. කේ . ජේ බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත නොවේ.. දැනටමත් කකුල තබා අවසන්...
ඒ වුණාට මාධ්‍ය නිදහසට මුවාවෙලා කරන මාධ්‍යකරණය, හරිහැටි සොයා නොබලා විෂය දැනුමෙන් තොරව කරන අබිලින්, එන්සිනා ඝනයේ ගොසිප් නම් අනිවාර්යයෙන් ක්ලීන් වියයුතුයි.
මෙයා ටිකක් උඩපනිනවා වැඩියි.