
(ඉන්දිකා රාමනායක )
කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි.
පසුගිය ඔක්තෝබර් 11 දින සහ නොවැම්බර් 23 අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට පොලිස් ගොඩනැගිලි කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කොටුව පොලිසියට ඊයේ (02) සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සොරා ගත් දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 4 ට අසන්න බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා පොලිස් වැඩක් ද?
පොලිසියේ දේවල් වත් ආරක්ෂා කර ගන්න බැරි පොලිසියක්
තමන්ගේ ඒවාත් ආරක්ෂාව කර ගන්න බැරි පොලිසිය කොහොමද මහජනතාවගේ දේපළ ආරක්ෂා කරන්නේ ?
හානේ ඒක හින්දා වෙන්න ඇති ඕනෑම අකටයුත්තක් ගැන පොලිසියට පැමිණිලි කලහම ඒක කලේ කවුද කියලා දන්නවද කියලා අහන්නේ