
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි නැමැත්තා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මන්ත්‍රීවරිය ඉකුත් 30 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරිය සැකකාර මන්ත්‍රීවරයා සමග දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක රුපියල් 20000/= ක මුදලකට රාත්‍රියක් ගත කළ බවත් ,ඇය සරාගී තැනැත්තියක් බව සඳහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කරමින් සංසරණය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් අම්මලා සහෝදර සහෝදරියන් නැති අය, මොවුන්ගේ හිටපු මහ එකා සම්මත කළ පනතින්ම උපරිම දඬුවම් දෙන්න. අනිත් අයටත් ආදර්ශයක් ගන්න..
ඔය පෝලීම බොහොම දිග වෙයි ඉස්සරහට, තමන්ගේ ආණ්ඩුවක් නැති සොවින් අනුන්ට මඩ ගහන කට්ට්ය පරිස්සමින් !
දේශපාලනය පැත්තකින් තබා, "කාන්තා සහ ළමා අපචාර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ රාජ්‍ය මුදල්- දේපළ අයථා පරිහරණය/අවභාවිතාව" සම්බන්ධ වැරැදි වලට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ..